ලිනක්ස් වල මෘදුකාංග ස්ථාපනය

සම්මත

Ubuntu Linux Software Installation Sinhala

දැනට බොහෝදෙනා ලිනක්ස් භාවිතා කර මෘදුකාංග ස්ථාපනය කරගන්නා සැටි කිනම් ආකාරයකින් හෝ දන්නවා ඇත. එහෙත් නැවුම් පරිශිලකයින් ඇනෙන ප්‍රධාන ස්ථානයක් නම් මෘදුකාංග ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියයි.මා භාවිත කරන්නේ උබන්ටු මෙහෙයුම් පද්ධතිය වන අතර ඒ හා සබැඳි අයුරකට මෙහි මෘදුකාංග ස්ථාපනය කිරීම පැහැදිලි කරනු ලබයි.එහෙත් සාමාන්‍යයෙන් සමරූපි ආකාරයක් ගන්නා අනෙකුත් ලිනක්ස් වලදීද මේ ආකාරයේම ක්‍රමවේද පැවතිය හැක.

ලිනක්ස් වල මෘදුකාංග ස්ථාපනය කරන ක්‍රම..

බොහෝ ලිනක්ස් භාවිත කරන අය අතර ඇති ප්‍රකට මතයක් නම් ලිනක්ස් වල සියලු යාවත්කාලින කිරීම් සඳහා අන්තර්ජාල සබඳතාව අවැසි බවයි.එහෙත් එසේ නොමැති අයවලුන්ට අංකිත තැටි(DVD) දෙක තුනක සාමාන්‍ය පොදු මෘදුකාංග විශාල ප්‍රමාණයක් ලබාගෙන ගොස් පරිඝනකයේ තබාගෙන ඒවා අවැසි පරිධි ස්ථාපනය කරගත හැකිය.එසේ කරන ක්‍රමවේදය රිපොසිටරි නම් දෙයක් හැසිරවීම ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ දැක්වෙයි.එහෙත් එය තරමක් සංකීරන කටයුත්තකි.ලිනක්ස් දන්නා හොඳ අයෙක් විසින් තෝරාගන්නා ලද පැකේජ තෝරාගත් පිළිවෙලකට පලමුව තැටි වලට ලිවිය යුතුය.ඉන්පසු ඒවා අදාල පරිඝනකය වෙත ගෙනගොස් ස්ථාපනය කල යුතුය.මෙහිදි පලමුව ඒ තැටි වල දත්ත දෘඩ තැටියට කොපි කිරීම කල යුතුය.

දැන් දැන් ඈත ගම් දනව්වලටද අධිවේග දත්ත මලු හැසිරවීමේ නව ක්‍රමවේදය අනුව(High speed Data Packet Access- HSDPA) අන්තර්ජාල පහසුකම් පහසුවෙන් ලබාගත හැක.ගිගා බයිට් 2ක පමණ දත්ත හසුරවා ගැනීමෙන් සියලු ඕඩියෝ වීඩියෝ මෘදුකාංග සහිතව උබන්ටු ලිනක්ස් ස්ථාපනය කරගැනීමේ හැකියාව සාමාන්‍යයෙන් ඇත.නව ලිනක්ස් සංස්කරන වල කිසිදු අයුරක වෙනස් කිරී්මකින් තොරවම ජංගම අධිවේග සබඳතා කට්ටලය(Mobile Broadband connection) සබඳතාවය ලබා දෙයි.

උබන්ටු වල දී මෘදුකාංග ස්ථාපනය කරන ක්‍රමවේද

මෙයින් ක්‍රමවේද 4-5ක් සාමාන්‍යයෙන් ජනප්‍රිය වී ඇත.

මෙයින් නව උබන්ටු සංස්කරණවල මේ මෘදුකාංග ස්ථාපනය පහසු කරනු පිණිස ඇති උබන්ටු මෘදුකාංග මධ්‍යස්ථානය(Ubuntu Software Center) හරහා අපට අවැසි දේ ලබාගැන්මේ අවස්ථාවල ලබා දී ඇත.එයින් වීඩියෝ ඕඩියෝ සහ අනෙකුත් විවිධාකාරයේ මෘදුකාංග දහස් ගණනක ප්‍රමාණයක් කිසිදු අයුරක බාධාවකින් තොරව ස්ථාපනය කරගැනීමේ අවස්ථාව ඇත.

අනෙක් ක්‍රම වේදය නම් පුරාණ කල සිට පැවතෙන ලියන ලද විධාන භාවිතයෙන් මෘදුකාංග ස්ථාපනය කිරීමයි.(Command Line Software Installation).දැනටත් උබන්ටු සඳහා මෙන්ම අනෙක් ලිනක්ස් සංස්කරන සඳහාද මේ ලියන විධාන භාවිතය සිදුවෙයි.මේ හරහා ලැබෙන වාසි ගනනාවක් තිෙබ්.

*මෘදුකාංගය බාගත කරන අවස්ථාවෙහිදී ජාල සබඳතාවයේ විචලනයන් සිදුවුවහොත් හෝ බිඳවැටීමක් සිදුවුවහොත් යලිත් මුල සිට බාගත කිරීම සිදුවන්නේ නැත.වන්නේ නැවති තැන සිට බාගත වීමයි.

*සමහර මෘදුකාංග ස්ථාපනය කිරීමේදි එම මෘදුකංගය යහතින් වැඩ කිරීමට අනෙක් වෙනත් මෘදුකාංග කීපයක් අවැසි වෙයි.බොහෝවිට ලියන විධාන භාවිත කිරීමේදි ඒවා තෝරා බේරාගෙන ස්ථාපනය වීමක් සිදුවෙයි.

*එසේම එක උඩ එක ගොස් මෘදුකාංගය ස්ථාපනය කිරීමේ ක්‍රමවේදය හිර වීමේ අවස්ථාව විධාන භාවිතා කීරීමේදි අඩුය.

අප සාමාන්‍යයෙන් ආසා කරන්නේ මවුස් පොය්න්ටරය ගෙනගොස් ඔබා අපට අවැසි දේ ගැනීමටයි.මා දිනෙක මෙවැනි අසීරු විධාන ක්‍රමවේද තවමත් ලිනක්ස් වල පවතින්නේ ඇයිදැයි එක් ගුරුභවතෙකුගෙන් ඇසීමි.ඔහු පැවසුවේ මවුසය මඟන් අත් දෙකම භාවිත කර ලබාදිය හැක්කේ වරකට එක් ස්පන්ධයක් පමණක් බවත් යතුරු පුවරුවෙදි වරකට වෙනස් වෙනස් මුහුනත් වලදී එකවර ඇඟිලි 10ම භාවිත කල හැකි බවත්ය.ඔහු එය කරනු මාද පසුව දුටුවේය..සාමාන්‍යයෙන් ඔහු වැඩකරන විටඑකම මොනිටරය තුලම වෙනමම ස්ක්‍රින් කීපයක් උපයෝගි කරගනී.එක් මුහුනතක එක් වැඩකුත් අනෙකේ තවත් වැඩකුත් ආදි වශයෙන් හැකරැල්ලෙකු මෙන් අපි හැරෙන විට වැඩ සීයක් කරගැනීමට ඔහු සමත්ය.රුපරාමු සංස්කරණය,ශබ්ධ පරිපාලනය ආදි බොහෝ දේ ඔහු කරනු ලබන්නේ විධාන භාවිතා කර වෙයි..විටෙක විධාන හා සාමාන්‍ය ස්ක්‍රීන් දෙකම එකවර භාවිතා කරයි.

සිනප්ටික් පැකේජ් මැනේජර් වලින්ද මෘදුකාංග ස්ථාපනය කර හැක.එහිදී තෝරාගත් කොටස් පමණක් ඇතුලත් කරගත හැකි පරිදි කුඩා කොටස් දහස් ගණනක මෘදුකාංග මාලාවක් අන්තර්ගත වෙයි..(Synaptic Package Manager) System>>>Administration>>Synaptic Package Manager or new Ubutu versions search Synaptic at its search panel.

මෘදුකාංග සාමාන්‍ය වින්ඩෝස් මෙන් පලමුව බාගෙන දෙවනුව ස්ථාපනය කිරීමේ ක්‍රමවේදයක්ද ඇත..එහෙත් එසේ බාගන්නා මෘදුකාංග නියම මෘදුකාංග දැයි හඳුනාගැනීමට අපාසු නිසා පලමු ක්‍රම දෙක සුදුසු වේයැයි සිතමි.මන්ද අපි පුන පුනා ලිනක්ස් වල වෛරස නැතැයි කීවත් එයට සියයට සියයක වගකීමක් දෙන්නට කිසිම කෙනෙකුට බැරි නිසාය.

අලස අපි කෝමද කොමාන්ඩ් හොයාගන්නෙ

අපි මුලින්ම ටර්මිනලයට ඇතුල් වෙලා ඉම්මු..Application>>Accessories>>terminal

හෝ අලුත් උබන්ටුවක් නම් ටර්මිනල් කියන එක ඉංගිරිසියෙන් සේච් කලාම හරි.

ඒක හරිම ලේසි දෙයක් දැන් ඔය ගූගල් හෝ වෙනයම් සේච් එන්ජිමක් භාවිතා කරල අවැසි මෘදුකාංගය හෝ කාර්යය කිව්වම එනව වෙබ් අඩවි බර ගානක් මේවයෙ තියනව කොමාන්ඩ් ගෙඩි පිටින් අපිට තියෙන්නෙ ඒ එකින් එක කොපි කරල අර ටර්මිනල් එකට පේස්ට් කරගන්න එක විතරයි මුලින්ම පේස්ට් කරන්න කලින් එක වැදගත් බඩුවක් කරල ඉන්නවනම් ඇඟට හොඳා..ඒක තමයි ටර්මිනලය ට අවසර පදය නිකුත් කිරීම..එ්කට

sudo -s

කියන එක ගැහුවම එන තැන අපේ ප්‍රධාන මුරපදය ඇතුලත් කලාම හරි.ඒ මුරපද එහෙම දානකොට දැන් තමන් ඉන්න බාසාව ගැන සැකලිකිලිමත් වෙන්න..මුරපදය ඉංගිරිස් නම් පැනල සිංහෙලෙන් ඒ ඉංගිරිස් ටික ඔබල හරියන්නෙ නෑ.

දැන් අර වෙබ් එකේ තියෙන කොමාන්ඩ් එක්ින් එක දමන්න දමල..සැනෙන් අනික් එක ඔබන්න යන්නෙ නැතුව වෙන දේ බලං ඉදල ඒක නෝමල් උනාම අනෙක් කොමාන්ඩ් එක දමල එන්ටර් ඔබන්න..

මේ පහත තියෙන්නෙ වැදගත් වෙන වීඩියෝ කන්වර්ටර් එකක් උබන්ටු වලට දමන්න ඕනි කමාන්ඩ් ටික..

කස්ටියට වැඩේ ඉංගිරිස් වලින් බලන්න මෙතනින් පුලුවනි..http://code.google.com/p/winff/wiki/UbuntuInstallation

1.sudo add-apt-repository ppa:paul-climbing/ppa
2.sudo apt-get update
3.sudo apt-get install winff
4.sudo apt-get install libavcodec-extra-52 
දැන් වැඩේ ඉවරයි..නෙට් කනෙක්ෂන් එක වේගවත් නම් මේකට විනාඩි 10ක් යන්නෙ නෑ..
මේ කමාන්ඩ් ලයින් වල මේව ගහනකොට මේ හරහා ස්වයංක්‍රියවම අන්තර්ජාලයට සම්බන්ධ වෙලා නියමිත බාගැනීම සිදුකරගන්නව.
ඒවට ඉතින් සුවල්ප වෙලාවක් යනව..ඒත් බඩු ෂුවර්..
සමහර වෙලාවට නැවත පනගැන්වීමක් ඉල්ලුවත් බොහෝ වෙලාවට එහෙම එකක් අවැසි වෙන්නෙ නෑ මේ කෙදි..
කියන්න දෙයක් තියනවනම් ලියල යන්න ඈ....

ප්‍රතිචාරයක් ලබාදෙන්න