Author Archives: indika27

About indika27

ජීවය නැතත් ඒ තරු ඔබට රාත්‍රියට මග කියාදේවී..

චමිල් පියන්ගේ කැච් එක.

සම්මත

අලුතින් ට්‍රේනින් වලට ආපු ගෑනු ලමයා අමුතුය. ඇය ලක්ෂණ වෑහෙන ඇය කෙනෙකු නොවූවාට ඇයගේ මනස්කාන්ත පාර්ශවයන්ද නැතුවා නොවේ.. ඇය වේගවත්ය.. කතාව මෙන්ම වැඩද වේගවත්ය. ආර්ය සිංහල කෑල්ලකට වඩා ඇය වරකදී අදහස් ගොඩක් කියයි. ඒ මුඛරි කට හරි ලස්සනය. කට වට වී ඇති රෝස පාට තොල්පෙති සිපගන්නට කවුරු වුනත් ආශා කරයි.. මාද ආශාය. නමුදු කුමක් හෝ හේතුවකට ඇය මගේ යෙහෙලියකි..සහෝදරියක් වැනි අයෙකි. ආ අමතක වුනා ඇගේ තොල්පෙති රෝසපාට වුනාට ඇයව සිපගන්නා විට සිගරට් ගඳක් එන්නට විය. සිගරට් ගඳ එන්නේ ඇය සිගරට් බොන නිසාය.

 

සිගරට් බීම තහනම් සාම්ප්‍රදායික ආයතනයකට ඇය අනුයුක්ත වි ඇත්තේ කුමක් හෝ වැරදීමකිනි. මෙහි කාන්තාවන්ට තබා පිරිමින්ට වුව සිගරට් බොන්නට මහා වෙහෙසක් දැරිය යුතුය. ඇය මුලින්ම මා හා කුලුපග වූෙය් සිගරට් බොන්නට තැනක් සොයාගන්නටය. ඇය දින්නාය. එහෙත් මා බය විය. මා අදාල අංශයේ පොටෝකොපි මැසින් ඇත්තේ වෙනත් තැනකය. තේ වතුර බොන වෙලාවට සර්ලා මිස්ලා ඔක්කොම එලියට යයි. එවන් විටක මා පුදුම කරවමින් මා හට තේ බොන්නට එන්නට ඇය ආරාධනා කලාය. තනුජා මහ වල් කෙල්ලක්ද මන්දා යන ප්‍රීතිදායක සිතුවිල්ල මගේ හදවතේ සක්මන් කරන්නට විය. තනුජාගේ නාරි දේහයත් එහි ලාලිත්‍යත් දෙස බලමින් ඇය වල් කෙල්ලක් වීනම් මනාය යන නරක ජාගර සිතුවිල්ලෙන්ම මා ඇය සමග කැන්ටිමට ගියෙමි.

 

මා ට්‍රෙිනින් කෙල්ලන් සමග කැන්ටිමට යෑම දැන් අරුමයක් නොෙව්..මේ තුන්වැනි ට්‍රෙනින් කෙල්ලාය. තනුජාට පෙර සිටි අය තනුජා තරම් ඉක්මනින් මා සමග තේ වතුර බොන්නට ආවේ නැතත් ඔවුන් තේ වතුර බොන්නට එක්කරං එන්නට මට දැඩි ආයාසයක් ගන්නට සිදු නොවීය. නංගි යමු තේ කක් බොන්න යැයි කිව් සැනින් උදේ සිට කම්මැලිකමින් සිටින ළමයා මා සමග තේ වතුර බොන්නට එයි.. එහි කිසිදු අරුමයක් නැතත් දැවැන්ත කුලවාදයකින් මානුශිය සබඳතා බැඳ තබා ඇති සාම්ප්‍රදායික ආයතනයක පියන් වැනි තනතුරක කෙනෙකු උසස් අධ්‍යාපනය ලබන ට්‍රේනර් කෙනෙකු සමග තේ වතුර බොන්නට යෑමද පුදුම සහගත දෙයකි. පිරිසක් ට්‍රේනින් ලමයා ගැන අනුකම්පා කරන්නේ මා විසින් ඔවුන් දැලේ දාගෙන තේ බොන්නටත් ඉන් පසු ටුවර් යෑමටත් එතනි්න එහා ගොස් ඔවුන්ගේ වල් මනස විසින් ඒ ගැහුනු ලමුන් ෆිල්ම් බලන්ට, රූම් අස්සට එක්කං යන්නටත් ඉඩ ඇති බව සිතලාය.

 

ඉඳ හිට මාගේම සම මිතුරෙකු මට හින්ට් පාස් කරන්ෙන් එකක් යනකොට එකක් කැච් මට සෙට්වෙන බව කියලාය. නමුත් ඒ සියලු සම්බන්ධකම් තේ වතුර බීමෙන් එහාට යන්නේ නම් ඒ ඉතා මදකින් බව දන්නේ මාත් ඒ ටේනිං ගෑනු ලමයිනුත් පමණි.. සමහරු හිතන්නේ ඒ ගෑනු ලමයින් ේම ආයතනය ගැන නොදන්නා නිසා පියන් කොල්ලකු සමග තේ වතුර බොන්නට එන බවකි. එයනම් නිවැරදි විය හැකි නිමානයකි. ඔවුන් ටේනර්ලා නොවී මෙහි මා හට ඉහල ක්ලාක් ගැහුන ලමයකු වී ආයතනයට ආවානම් ඇය පියන් පහල තැනක් බවත් කට කොනින් සිනාසීමට, අවශ්‍ය දෑට චාටු කියා කඩේ යැවීමට හැර වෙනත් කිසිම වැඩකට නැති ජාතිකයට පියන්ලා අයිති වනු ඇති බවත් නිරායාසයෙන්ම තේරුම් ගන්නවා ඇත.

 

තනුජා නංගි මා සමග තේ වතුර බොන අතර මගේ ඇස් දෙසබලයි.. මාද හොරාට ඒත් ඉදහිට අහුවෙන්නට ඇගේ ඇසිපිය දෙස බලමි. තනුජා නංගී කලින් සිටි අයිෂා තරම් ලක්ෂණ නැත. කලිං ට්‍රෙිනින් සිටි අයිෂා නම් පලමු දිනම මගේ නෙත් සිත් පැහැර ගන්නා ලදී. අහෝ බේදයක මහත. අයිෂාට කොල්ලෙක් සිටියේය. මට ඇය එය පලමුවර කියනවිට වේදනාවක් නොදැනුනත් පසුව අයිෂා වඩාත් මටත් මගේ මනෝ විඥානයටත් සමීපවන විට අයිෂා මගේ දුක ගැන කණගාටු වන විට..මම අයිෂාගේ දුක් ගැන කනගාටු වන විට ඉබේම මට ඒ කොල්ලා ගැන ඉරිසියා ඇති විය. අයිෂාගේ මනස්කාන්ත ඇස් කෙසඟ වුවත් මනාව කැපී පෙනෙන අගපසග තනුජා සමග තේ බොද්දීද මට මතක ්විය. තනුජා අයිෂා තරම්ම ලක්ෂන හෝ ආකර්ශණීය කෙනෙකු නොවූ බවක් මට පසක් වූයේ තවමත් අයිෂාගේ සෙනෙහෙ ටිකක් මගේ හද කොණක ඉතිරි වී අති නිසා වන්නට පුලුවන..

 

තනුජා නංගී සිගරට් බොන්නට තැනක් නැද්දැයි අැසුවේ අපි හමු වී දෙවැනි දවසේදීය. ඇය මා කෙසේ කෙනෙක්දැයි දවසකදී මනින්නට ඇත. නැතහොත් සිගරට් බීමට ඇති ලෝල සිත විසින් තනුජා මාගෙන් තැනක් අසන්නට ඇත. මා පොටෝකොපි ගසන කාමරය පිහිටියේ කෙළවරය. පෙර කීවාක් මෙන් අනෙක් අය තේවතුර බොන්නට ගිය විට පොටෝකොපි ගසන්ට එනවාක් මෙන් පෙන්වා එහි පැමිණ ඇයට සිගරට් බීමට හැකිය.. එහෙත් එය අවදානම් රහිතම දෙයක්් නොවේ. නමුත් මාගේ අත්දැකීම් අනුව අංශයේ පොටෝකොපි කටයුතු සිදුකරගන්නේ බොහෝවිට ට්‍රේනින් අය ලව්වාය නැතහොත් මා හෝ වයසක අංකල් කෙනෙකු ලව්වාය. ලොකු මහතුන් හෝ කේලං පොට්ටනි වන ලොක්කන් ලග තනි රකින සෙකට්‍රි මිස්ලා හෝ පොටෝකොපි ගහන්නට එන්නේ නැත. ඔවුන්ගෙ පුද්ගලික වැඩක් වුවද බටර් උලා චාටුවලින් පුරවා මා අතට හෝ අනෙක් වයසක අංකල් වන පියසෝම අතට දෙයි. පියසෝම එලෝ විකාරෙන් මෙලො ජීවත්වෙන අයකු නිසා තනුජා සිගරට් බි ඔහුට අසුවුවත් එතරම් අවුලක් නැත.

 

පොටෝකොපි කාමරය මගේ විවේක කාමරයක් වැන්න. එය මා වැඩ නැති අවස්ථාවල නිදාගන්ට බාවිත කරයි. ඊට අමතරව වැදගත් නමුත් ඉදහිටි භාවිත වන ඩොකියුමන්ට් ගොඩවල් මෙහි තැන තැන ගොඩගසා ඇත. මෙයට පිටිනුත් දොරකි. ඒදොර විවෘතවන්නේද එතරම්ම එලිමහනකට නොවේ. මට කලින් මාගේ තැන සිටි අය මෙහි සිගරට් බොන ලදී.. නමුත් මා මේ පොටෝකොපි කාමරයෙ සිගරට් බීමට නොගියෙමි. නමුත ්දැන් තනුජා නංගී එහි පැමිණ මටද ලැජ්ජා වන ආකාරයෙන් දුම් රොටු අහසට යවමින් මා සමග කතා කරමින් සිටියි. ඇය කතා කරන්නේ අර අරක්කු බොනකොට දොඩවන්න වගේ දොඩවන්න ඕනි නිසාද නැත්නම් මා සමග කුලුපග වෙන්න සැබෑවටම ඕනි නිසාද කියන්න මම දන්නේ නැත. නමුත් කල්යත්ම ඇය සෝබන කරත්තයක් නොව සැබෑම කෙනෙක් බවත් අදුනාගන්න ලැබුනි..

 

ඇය ජාත්‍යන්තර පාසැලක ඉගනුම ලබා ඉන්පසු වෙනත් පාඨමාලාවකට යොමු වූ කෙනෙකි. ඇගේ විෂම හැසිරීම මේ ආයතනයේම කලක් සේවය කොට දැන් වෙනත් ආයතනයක සිටින ඇගේ පියාට නොදිරවන සුලු එකක් වූයේලු..ඉතිං තනුජා මෙහි ට්‍රේනින් දැමූ විට හොඳින් හැදෙනු ඇතැයිද ඇගේ සිගරට් බීම කොල්ලන් සමග සම සේ කතා කිරීම රස්තියාදු ගැසීම ඇතුලු නොගැලපෙන ගති අඩුවෙනවා ඇතියැයි තනුජාගේ පියා සිතා ඇත. තනුජාගේ පෙර ගති මා නොදන්නා නිසා ඇය වෙනස් වූවාදැයි මා නොදනිමි. නමුත් මෙතෙක් පැමිණි ට්‍රේණීන් අයට වඩා තනුජා වෙනස් ලෙස මට හැගුනි.. ඇය නිකං කීමට ඉදහිට සර් මිස් යැයි ඇමතුවාට ඒවා ඇතුලෙ බයක් හෝ පක්ෂපාත බාවයක් නැත. ඇයට දෙන වැඩය ඇයට බැරිනම් පරණ ට්‍රේනර්ලා වගේ බිය වි සැලෙන්නේ නැත.. ඇයට බැරි බව අැය කෙලින්ම කියයි. බොහෝ කෙලින් ගති ඇති අමුතු කෙල්ලක වූ නිසාත් ඇගේ කට එතරම් කොන්ට්‍රොල් නොවූ එක්ක වූ බැවිනුත්..ඇගේ පියා කලින් මෙහි විසල් නිලයක් දැරු බැවිනුත් ඇගේ ලඟින් පැමිණි සිගරට් ගඳ කන්තෝරුවේ කේලං මලු වලින් වසං වන්නට ඇත. බැරිවෙලාවත් ඇය අහිංසක සියුමැලි කෙල්ලක වී සිගරට් බොන්ට ගියානම් පලමු දෙවන දිනවලද ඇගේ මුඛයෙන් එන සිගරට් සුවද කස්ටිය පස්නයක් කරගනු ඇත.

 

මේ චමිල් අයියට කෙල්ලෙක් නෑද? නැහැ නේ.. ඉන්නවනං මලක් වත් කඩාගෙන ඉන්නවනේ මෙතන්ට වෙල නිදාගන් නැතුව.. .

අනේ පවූමෙයාට.යනෝ හලෝ යන්න බොරු නොකිය..මටත් වඩා අවුරුදු හතරක් වැඩිමල් ලු..ඒත් කෙල්ලෙක් නැහැලු

 

ඇත්තමයි අපේ සර්ගේ කැච් එක සෙරින් මිස් පල්ලා මට කෙල්ලෙක් නැහැ..

 

හි හි.. ෂෙරින් මිස් ්ඔයාගෙත් කැච් එකද එයාගෙ නමින් දිවුරන්නෙ..?

 

අපෝ නැහැ..එයා එහෙම නැහැ..කවුද කියන්නෙ නරකයිකියලා..මං නිකං දිවුරුවෙඒ වුනාට සිරාවට මට කෙල්ලෙක් නැහැ..

 

ආ හරි බලමු කෝ මගේ යාලුවෙක් වත් සෙට් කරන්න..කියන් බලන්න මොනවගේ කෙල්ලෙක්ද හොයන්නෙ..

 

නංගි පොඩ්ඩකට අත දෙන් පුලුවන්ද?

මොකටද අතේ පච්චයක් වත් ගහන්නද?

 

නැහැ නැහැ බයවෙන් නැතුව අත දෙන්න බලන්න..

 

චමිල් විසින් තනුජාගේ අත ගෙන මැනික් කටුව අසල ඇඟිලි වලින් තෙරපමින් සිට..ආහ් හරි ඔයාටත් පුලුවන් මගේ ගර්ල් පෙන් වෙන්න..? යැයි කීවේය..

 

ඇ ඒවා හරියන්නෙ නැහැඒවට කෙනෙක් ඉන්නවා නේ.. මොකද අත බලලාද චමි්ල අයිය කියන්ෙන කැමැතිද කියලා?

 

නැහැ නංගි අපි ඉස්සර නං මං කැමති මේ වගේ බඩුවකට..මං ආස සෝස පාට කම්මුල් තියෙන කෙල්ලක්ට කියලා හිටියා..දැන් ඒවා ඔක්කොම නැතිවෙලා..නාඩිවැටනවා නං කෙල්ලෙක් නං එච්චරයිඔයාගේ නාඩි වැටෙනවා ගාන්ට..ඔයා තේරුනා..ඒත් ඔයාට කොල්ලෙක් ඉන්නවා නේ

 

අපරාදෙ පස්ට චාන්ස් එක රජයේ ස්තීර රැකියාවැති පිංවත් කුමාරයෙක් සෙට් කරගන්න තිබුන මෙව්වා එක ඔයා නැති කරගත්තානේ

 

මේ චමිල් අයියා මට කලිං හිටිය අක්කාට ඔයා ලයින් කරා කියලා වටේ පිටේ අය කියනවා නේ..මටත් පරිස්සං වෙන්න කියලා කියන්ෙන කස්ටිය..

 

හුම් ඒනං ඔයා පරිස්සං වෙන්නකෝමං හරි වසයිඉස්ත්‍රින් දුටුතැන පැනිහලන සුලුයි..බලාගෙන ඔයාත් පැණි වලට වැටෙයි..

 

ඒ වුනාට මෙ ්පැණිය හරි ගනන් නේ..මංඑක්ක කතා කලෙත් මං කතා කලාට පස්සෙ..?

 

ඔව් එහෙම තමයි අලුත් පැනියො.. ….

 

මේ දැන් බොසා ඇවිත් ඇති..මං යනවා ඔයා දවල්ට නිදාගත්තම ලස්සන සුර දූතියක් පේනන කියලා මං පාර්ථනා කරනවා ඈ..

 

හරි..ඔයාට රෑට හීනෙන් පාරුක් කාන් පෙනේවා..

 

ඉකේයියා..මට ෂාරුක් හරියන්නෙ නැහැවෙන කෙනෙක් පේන්න කියන්න ඈ..මං ගියා..ාාා

 

තනුජා චමිල්ව කාමරයේ තනිකර සිගරට් එක බී යන්නට ගියාය.. ට්‍රේනින් ලමුන්ද පොටෝකොපි ගසන්ට ඉදහිට කාමරයට යන බැවින් එතරම්ම සැකයක් ඇති නොවු නමුදු කන්තෝරුව පුරා චමිල්ට තවත් එක්ක සැට් යැයි කටකතා යන්නට විය..

 

Image

හරිය

සම්මත

ඉස්කෝලෙ ටීචර් මට හරියක් දැම්මා. ඒත් පේමවතීගෙ හරිය තරං ලොකු නෑ. පේමවතීට ලොකු සරීරයක් තියෙනවා. මට එහෙම නෑ. ඒ උනාට මං පේමවතීට ආසයි. වැරැද්දක් පෙන්නුවම පේමවතී ලොකු ටීච වගේ ගහන්නෙ නෑ කියල දෙනවා.

පේමවතී නැත්තං මට ඉස්කෝල එපා වෙලා. එයැයි තමයි මට ගණං කියල දුන්නෙ. ටිකක් කියල දුන්නම මට ඉතිරි ටික ඇහැකි. ඒක අපේ ලොකු කන්නාඩි පොලග කියල දෙනවට වඩා ලේසියි. පේමවතී නැති දවසට පංතියම පාලුයි වගේ.

සමහර අය අපිට කිව්වෙ කපල් එක කියලා. ඒකෙ වරදක් නෑ. අපි කපල් එක තමයි. පේමවති ලොකු වෙනකල්ම මං එයාට ආදරේ කලා…ඒත් පේමවතී ලොකු වෙනකොට අපි අතර තිබුන දුරත් ලොකු උනා

පේමවතී උසස් පෙල කොරනකොට මං හරක් පස්සෙ යනවා. දවසක සරං කොටේ ඇඳං හරක් පස්සෙ ගිහිං එනකොට පේමවතී හම්බුනා. ඒකි උස්සං වඩං යන්න හිතුනා මට..ඒත් ඒම කලාම කෙල්ලට රිදෙයි..ඒකිගෙ හිතටත් රිදෙයි මං නිකං උන්නා..

අපේ මහ එලදෙනගෙන් ගන්න කිරිවලට වඩා පේමවතීගෙ තං දෙකෙන් කිරිගත හැකි වෙයි. මට හිතුනා. ඒත් ඒව අල්ලන්න මට බයයි. දවසක් මං ඇල්ලුවා නෙමෙයි අල්ලන්න හැදුවා. කෝලං වනචරයා පල අහකට කියලා පේමවතී දිව්වා…

එතනින් මං නැවතුනා. මට එලවන්නත් තිබුනා මං එලෙව්වෙ නෑ…එතකොට පේමවතී මට වනචරය කියල ඉවරයි. මං දිව්වෙ කෙලින්ම හමුදාවට. ඒ ඒ හරකගෙ වගතුග බලනවට වඩා ගෑනියෙක් ගන්න ගෙයක් හදාගන් ඕනි කියල හිතුනා. ඔහේ යන මට හමුදාව හරි ලේසියි. හරක් පස්සෙ එලෝපු මට තුවක්කුවක් ලැබුනා. ඒක හරි ලොකුයි මට..

හරක් උක්කුවගෙ පුතාට තුවක්කුවක්..ආන්ඩුවෙන් නිකම් ලිස්ට් වලට තුවුක්කු බෙදුවනං මට තුවක්කුවක් ලැබෙන්නෙම නෑ..ඒත් හමුදාවට ආපු නිසා තුවක්කු බෝම්බ ලැබුනා. දවසක් හෝල් එකකිං බලපු චිත්‍රපටියක සට පට ගාල වෙඩි තියනව වගේ එන ඒව මට කරන්න ලැබුනා…

මට හැම රෑම පේමවතීගෙ තං දෙක මතක් උනා..ඒත් වැඩක් නෑ..ඒව දැං සින්න වෙලා ඇති මං හිතුවා…එකපාරක්වත් මං පේමවතීගෙං අහල තිබුනේ නෑ..ඇහුවෙත් නෑ…ඒත් ඇහුවට පේමවතී මගේ නෙමෙයි…එයා ඉන්නෙ කැම්පස් ලෝකෙ…ඒකෙ ඇතුලෙ තියෙන්නෙ හන්තානට පායන සද වගේ වෙන එකක්..

ඉස්සර ඔහොම නෙමෙයි මොට්ටසේන මෙහෙමයි ලියන්නෙ කියල හිමීට නොරිදෙන තාලෙට ටොක්කක් ඇනල කියල දීපු පේමවතී නෙමෙයි අද ඉන්නෙ…අද ඇවිල්ල එයාට මාව නිකම් නිකම්ම නිකමෙක්…

කාලය මට සල්ලි කොල අතගාන්න දුන්න…මට වීරයෙක් වෙන්න ලැබුනා..ඒත් මගේ පොත බලන්න පොත බලල ලොකූ හරියක් දාන්න පේමවතී කෙනෙක් දුන්නෙ නෑ….

 

සයිමන් ගේ කතාවක්

සම්මත

සයිමන් ගැමියෙකි..ඉඳහිට පොලට යන්නේත් එලෝලු ලොරියේම එල්ලි ෙ ගන බැවින් බස් රියේ ගමනක් නැත..දිනක් හදිසියේ ලෙඩෙක් බැලීමට ඔහුට බස් රියේ යන්නට සිදු විය..එතරම් සෙනග නොසිටි බස් රියේ එක් වරම ගැබිනි මාතාවකට අසුන දී කන්තෝරු යන කාන්තාවක් නැගීසිටියේය. නමුත් ඇය නැගි සිටියාට ඇඳුම.(සාය) හදාගන්නට අමතක විය.ලිහිල් .සායෙහි එක්තරා කොටසක් ඇකිලි තිබු බැවින් සයිමන් උදව්වක් කරන්නට සිතා  සාය මදක් පහලින් ඇද්දේ ඇයගේ වස්ත්‍රය සකස් කිරීමේ පිවිතුරු චේතනාවෙනි. නමුත් සිදුවුෙය් නොසිතු දෙයකි…එක් වරම පසුපස බලා ගත් කාන්තාව ,,,අහිංසක ලෙස ස්තූතියක් බලා පොරොත්තු වෙන් සිටි සයිමන්ට හොඳින පදමට රවාගත මුහුනෙන් ” තමුසෙට පිස්සුද ඕයි” යැයි ඇසුවේය… ඇයට උදව් කරන්නට ගොස් කුමක් හෝ වැරදි ඇතිබව සයිමන්ට වැටහුනි. වහා ක්‍රියාත්මක වූ සයිමන් සායේ කලින් ඇකිලි තිබුනු තැන ඒ පරිදිම සකස් කරන්නට සිතා සැනෙන් සාය අල්ලා යලිත් පෙර තිබු පරිදිම තබා..ආ දැන් හරි නෝනා යැයි කීවේය..
ඉන් පසු දර්ශන පටිගත වී නැත…

විමලා සමග පැනලා යෑම

සම්මත

හොයලා පියාපත් තටු වණ ගත වීලා…
හදලා යානයක් සැප ආසන තියලා
පැනලා එකවරක් වත් යමු දෝ විමලා
කියලා ලිව් එකත් අසු වී ඇත කෙලලා

(කොල්ලා ලියූ පෙම්පත කෙල්ලාගේ තාත්තාට අසු වී ඇත..ඒ සංසිද්දියේ රූපරාමුවයි කලින් කවියේ ඇත්තේ)

පැට්ටල් ගන්නට නැති හින්දා බයිසිකලේ පාගල යනවා..
ඇඩ්ඩස් එකකුත් නැති හින්දා මූ හැමතැන රිංගන් යනවා
කස්ටක් කාගෙන ආ හන්දා මේ මෝඩිත් පැනගෙන යනවා
අපිටත් කන්නට බැරි මේදා මුන් කෝමින් සිටිවිද මන්දා..

( කොල්ලාගේ නැති බැරියාවත් දැන් කාලේ ගැනත් සිය දෝනියැන්දෑ ගැනත් දුක්වෙන පියා බෑනලා දුවලා කෙසේ මේකල පවුල් කම්දැයි මේ කවියෙන් සිතයි)

ගම් බෝතලය

සම්මත

බිදුන සිත අලවන්න
එපා හා කබොන්ඩ් මට.
නුඹේ ගම් බෝතලේ
මයි ඕනි මා සිතට

මුරන්ඩුයි කියා හැම
කියා කියමින් දසෙත
පෙලූවත් මගේ සිත
ඒ නොවැ මගේ සතුට..

ඔබේ ගම් බෝතලේ
වගේ නෑ වෙන එකක්
අලවනා විට ගගා
සිනාසී බලන්නට

කෝ දෙන්න කියන්නට
අත ගාල ලාස්සන
යැයි කියා කියන්නට
වෙන කවුද ඔබ නැතුව

පලායෑම…

සම්මත

(දඩස් බඩස් නදින් යම් කිසි කැනීම් කරන හඩක් අවටින් ඇසේ)

 

අන්ද්‍රෙයි:-මොන බම්බුවක්ද ඕයි. පාර හරහා කානු ඩ්‍රිල් කරපු අපිට මේ ගල්කඩපු අපිට මේ කොන්ක්‍රිට් ගොඩවල් කපන්න සෙට් වුනේ..

ලූෂා:- තමුසෙට අමතක වෙනව නේ හැමවෙලේම මේකෙ තියෙන වටිනකම..ඉලක්කෙ හරිගියොත් මිලියන දහයයි ඉලක්කය වැරදුනොත් ඉතින් පොඩ්ඩක් විතර පාඩුයි..ඒත් එකක් මෙතෙක් කල් පාරෙ වලවල් හාරපු කානු අගල් ගහපු බොලාට මේක කරන්න පුලුවං..මතකයිද අර කන්දක් උඩ ග්‍රවුන්ඩ් එකක් හදල..වැස්ස වෙලාවක මැච් එක ගහන්න බැරි උනාම අපි ජීපිඒස් වලින් කවුන්ට් කරල විල හොයල ටනල් එකක් ගහල වතුර ටික බැස්සුව..හරියටම..හරියටම විල හොයාගත්තෙ කෝමද කියන එක උන්ට පුදුමයි..කොටින්ම මැච් එක සෙල්ලම් කරන් ආව මොගෝලියානුවෙකුත් මගෙන් ඇහුව කෝමද මේ වගේ තැනක වතුර බස්සවන්න ක්‍රෙම හොයාගත්තෙ කියලහෙහ් හෙහ් හෙහ්..

අන්ද්‍රෙයි:- ඔව් ඉතින් එදානම් වැඩේ හරි ගියා තව මතකයිදඅර ස්ටොලින්හෙල් වල ලොකු බිල්ඩිමක් කැඩුව..ලූෂ මහත්තය මංහිතුවෙම එහා පැත්තෙ තියෙන ටොයිලට් එක අහුවෙයි කියලයතුරයි පාස් වර්ඩ් එකයි නැතිවෙලා තිබුන වෙලාවෙ සල්ලි ටික එහා බිල්ඩිමෙ පහත මාලෙට කෙලින්ම ගෙන්න ගන්න ගැහුව ටනල් එකඅපේ සුදෝකුර්ගෙ අත්දෙකම රත්‍රන් පාටයි එදා ඉහල මාලෙ තිබුන රත්‍රන් ටික ටනල් එකට දාලම.හොර යතුරක් තිබුනනම්කියල හිතුනෙ කඩනකොට ඒත් ඉතින් හොයාගත්තම අතේ ගෑවුන රත්‍රන් ටික විකුනලත් සුදෝකුරු පවුන් විසිහතරක් අරන් තිබුන….

ලූෂා:- ආ දැන් කතාව ඇති. ඩිරෙක්ෂන් එක අරන් ටනල් එක ඩ්‍රෝවින් කරගමු මුලින්ම..මතකතියා ගන්න මේක ඇතුලෙ මිනිස්සුන්ට යන්න පුලුවන් වෙන්න ඕනි..

අන්ද්‍රෙයි:– සර් ඇහුවට තරහ වෙන්න එපා මේ ටනල් එක අපි හාරන්නෙ හිර කූඩුවකටඉතින් හිර කූඩුවකට හාරන එක වැරදියි. අපිට මේක පස්සෙ කාලෙක හරි ආරන්චි වෙලා අපිට දඩුවම් විදින්න වෙයිද??

ලූෂා:- තමුසෙට ඉතින් පන්ඩිතකම් ඕනි නෑනෙ.අද ජේලර්ලට පාටියක්. ඒ වගේම හිරගෙදර ලොක්කට කියල මේ ඒ රියා එකට තිබුන ගාඩ් එක අඩු වෙලා ඇති. මං නොකිව්වට තමුසෙල දන්නව ඇති කවුද නිදහස් කරගන්නෙ කියල..

අන්ද්‍රෙයි:- ද්‍රොමින්ඩෝ..ද්‍රොමින්ඩෝ ඇයි මේ තරම් ආරක්ෂාව තියෙද්දි මේ තරම් දේවල් තියෙද්දි කොටින්ම රටින් පැනල යන්න පුලුවං හෙලිකොෆ්ටර් එකක් තියෙද්දි හිරේ අස්සෙ රිංගුවෙ

ලූෂා:- මිනිහෝඌ හිරේ අස්සෙ රිංගුව නිසා නේද අපිට මේ වගේ චෑන්ස් එකක් ලැබුනෙ..නැත්තං කොහෙද ඕයි කිලෝමීටර් දෙකේ ටනල් එකක්ට පවුං මිලියනක් දෙන්නෙ.අනික මේන්ටේන් වලටම මාසෙට පවුං පනස්දාහක්..මෙකෙ රහසිගත භාවය රැකගන්න ඕනි දන්නවනේනැත්තං ගන්න සල්ලි වලිං කාල බීල හමාරයි..ලස්සන පෙට්ටියක් ට වෙලා අඩි දෙකක් යට ඉන්න පුලුවං..

 

( ඒ දර්ශනය හමාරයි දැන් දෙවනි දර්ශනය)

තඩිඩාස්:-ද්‍රොමින්ඩෝ සැනකෙලියෙ මැද අග්‍රවිනිසුරුගෙ දුවනියට කෙනෙහෙලිකම් කරන්න තරම් මෝඩයෙක් උනානෙ. බලනව අර ගම්මානෙ මිනිහෙක් මාසෙටම ගන්නෙ පවුං දෙදාස් පන්සීයක් විතර. මේ ද්‍රොමින්ඩෝට එලියට එන්නම පවුං මිලියනයක්.යට වෙනව.ආන්ඩුවෙ සල්ලිද අපේ සල්ලිද අනේ මන්ද

නයිකුවංස්:- මිස්ට තඩිඩාස් ඕකෙන් ද්‍රොමින්ඩොට ලැබෙන ජනප්‍රියත්වය වැඩිවෙයි ගොඩාක් වෙලාවට. කොහොමත් සල්ලි උඩ පීනුවත් ව්‍යාපාර රාසියක් තිබුනත් ද්‍රොමින්ඩෝ සමාජ ජීවිතයෙදි හරකෙක්..ඔය පලවෙනි එක නෙමෙයි. මේ පක්ෂයට සල්ලි දෙන ප්‍රධාන දායකයෙක් විදියට සහ ඉස්සරහට අපි ඉදිරිපත් කරන්න ඉන්න හෝ ඉදිරිපත් කරන්න වෙන අපේක්ෂකය විදියට ද්‍රොමින්ඩෝ ඇතුලෙ ඉන්න එක හොඳයි..

තඩිඩාස්:- ඒකත් ඇත්ත හිරේ හිටිය කියන්නෙත් මිනිස්සුන්ගෙ අනුකම්පා චන්ද ටික ගන්න හොඳ ක්‍රමයක්..නයිකු කියන්නෙ එතකොට ද්‍රොමින්ඩෝ ඇතුලෙ ඉන්න එක අහම්බයක් නෙමෙයි කියලද??

නයිකුවාස්:- අයියෝ අපේ තඩිඩාස් ඇමති තුමා තේරුං ගන්නෙ බෝම හෙමින් නේද්‍රොමින්ඩෝ ඇතුලෙ හිටි..යට ඉස්සරහට රෑට රෑට එයාඑයි එලියට..එයා වෙනුවට කෙනෙක් හිරගෙදර ඉඳී..ද්‍රොමින්ඩෝ වෙන නමකින් සහ වෙන හමකින් එයි..

තඩිඩාස් :- ඕක හරි පරණ ක්‍රමයක් ලොක්කා. අපි මිනිහව සතියට වතාවක් ගෙන්නමු..නැත්තං ඕ යෝදය ආයෙත් මිනිස්සු ඉස්සරහ ලැජ්ජ වෙයි. සිහ්. සල්ලි විතරක් තියෙන හරකෙක්..

නයිකුවාස්:- අපි බලමු.කෝමත් සෙන්ට්‍රල් ජේල් එකෙ ගේට්ස් වලින් අපිට මෙයා එලියට ගන්න බෑ. මොකද ඔය ජේලර්ස්ල මීඩියා කාරයොන්ට දෙනව..මීඩියා කාරයොන්ට ඒව පත්තරවල දාන්න බැ. ඒත් විපක්ෂෙට දෙයි.එතෙකොට උන් නියම කාලෙදි ඕව භාවිතා කරයි..

තඩිඩාස්.:- හුම් ඒක ඇත්ත කෝකටත් උමඟ තියෙන එක හොඳයි අපිත් ඇතුලෙ වාසදේස බලාගෙන ඉන්න එක හොඳයි නේ..හිහ් හිහ්..්‍

මේ කොටස කිසිවෙකු විසින් වේගයෙන් සහ පැහැදිලිව කියාගෙන යා යුතුයැ)දැන් ඔය ගොල්ලන්ට තේරෙනව ඇති කතාව. මෙතන තියෙන්නෙ ද්‍රමින්ඩෝ විසින් අගවිනිසුරුගෙ දුවට ප්‍රසිද්ධ සැනකෙලිකයදි නොමනා විහිලුවක් කරල. ඉන් පස්සෙ අගවිනිසුරු තුමාගෙ පියවිලා තිබුන ඇසි ඇරිල. ඕන් එතකොට ද්‍රොමින්ඩෝ ගෙ පැරණී වැරදි ටික අපේ අගවිනිසුරුටයි අධිකරණෙටයි පෙනිල. හැබැය් ඒ වැරදි ඔක්කොම ඒ කිව්වෙ දැක්ක තැන ද්‍රොමින්ඩෝ ගෑනූ උස්සන් දිව් ඒව. කෙල්ලෙක් ට පාරෙ බැහැල යන්නෙ නොදී අමන කතා කියපුව,සහ අරක්කු පෙරීමෙ ඉඳන් හොර ඔප්පු හදල ඉඩං විකුනපුව දක්වා වන පැරණි වැරදි එතෙක් කල් ඔක්කොම කොහේ හැංගිලා තිබුනද? ඇයි ඒව පරක්කු කියල කාරුවත් දන්නෙ නෑ..

( නව දර්ශනයක් ඇරඹේ..මෙහි සිටින්නේ ද්‍රොමින්ඩෝ කනින ලද උමගින් එලියට එන විට ඇතුලේ සිර කූඩුවේ පෙනී සිටීමට නියමිත උමගේ සියලු දේ හොදින් දන්නා ගුස්ටාවෝ නැමැති කැනීම් තාක්ෂණ නිලධාරියාය)

ගුස්ටාවෝ:- සර් මං තමයි ගුස්ටාවෝ. සර් මට එන්න කියල තිබුන අර උමග සම්බන්ද දෙයක් කතාකරගන්න කියල. මං හිතන්නෙ දැන් උමග ගැන කතාකරල ඉවරයි. මොකද උමග දැන් ඉවරයි. අපෙ අය අද රෑට හරියටම එතන කඩයි. ද්‍රොමින්ඩෝ මැතිතුමා බැනලතිබුන අපේ කනිනන්ගෙ අම්මලාට,

අඩෝ බොලා මොන ලබ්බක් කලාද මෙතරම් කල්. බලාපල්ල දැන් මං නිදාගන් වෙලාවෙඇවිල්ල බුග් බුග් ගාල පොලවට අනිනවා. අනේ උඹලත් බොලාගෙ ලොක්කො වගේ තමයි බොල් සද්දෙ විතරයි..කියල බැනල තිබුන.

කනින්නො බැනුම් ඇහුව නිසා දැනගෙන වැඩේ හරි කියල.

නයිකුවාස්:- මං තමාට එන් කිව්වෙ විශේෂ වැඩකට. දැන් තමා දන්නව මේක හදල තියෙන්නෙ ද්‍රොමින්ඩෝට එලියට එන්න කියල. ඒ වගේම ද්‍රොමින්ඩෝ එලියෙ ඉන්න වෙලාවට තමුසෙ ඇතුලෙ ඉන්නවා. තමුසෙට ගෙවනව අපි හොඳට.. තමුසෙ මේක ඇතුලෙ තියාගන්නෙ තමුසෙ තමයි උමග හෑරුවෙ..මං දන්නව තමුසෙ ඕක ලගටදෙපාරක් යන්න ඇති. ඒත් තමුසෙට තමයි ඔය හාරපු වැඩේ ලාබෙ යන්නෙ. ඉතින් තමුසෙත් දල කාරයෙක්. ඒත් තමුසෙ තරම් හිර කූඩුවෙ තියන්න සුදුසු කෙනෙක් තවත් නෑ. මොකද තමුසෙගෙ කම්පැනිය බුලක් කෙලල මහ රෑක ද්‍රොමින්ඩෝ එලියෙ ඉන්නෙකොට උමග වැහුනොත් තමුසෙ ඇතුලෙ..වැඩේ ලීක් උනත් තමුසෙ ගස්..

කෝකටත් දැන් අපි තමුසෙව තෝරගෙන ඉවරයි. සතියට දවස් දෙකයි හිර ගෙදර ඕකේ. මං තමුසෙගෙන් කැමැත්ත අහල එස් එම් එස් ඕනි නෑ..තමුසෙ කැමති වෙන්න ඕනි එච්චරයි.

ගුස්ටාවෝ:- හරි සර් අපි හදපු එක අපිට විස්වාසයි සර්..මං යන්නම්. මං නිතරම එතනින් එන්නම් දොමින්ඩෝ වගේ උතුමන් ලගින් උමගිකින් ගියත් සැපයි. සමහරු කිය්නනෙ ද්‍රොමින්ඩෝ තුමා පස්සෙ කාලෙක අනාගත මහ ඇමති තුමා කියල. එහෙ ව් කෙනෙකුට උදව් කරන එක කොයි තරම් හොඳයිද..

( ගුස්ටාවෝ විසින් මේ කියන දෑ කියන්නේ ප්‍රෙක්ෂකයින්ටයි) මෙහෙමයි දැන් අපි උමග හදල ඉවරයි..එත් පොඩි වරදක් තියෙනවා අපි උමග හරියට ම සෙට් වෙන් තිබුනෙ මෙහා කාමරේට.ඒ කියන්නෙ කනමදව් වගේ බීගෙන පිස්සු කෙලින් ජීපි එස් තියාගෙන මාලිමාවෙන් බලන මගේ ස්ටාෆ් එකට වැරදිලා.. අපේ අයට රූම් එක මාරු වෙලා. ඉන් පස්සෙ කිසි සද්දයක් නැති නිසා අපි ඩ්‍රිල් එක ගහල ඒකෙන්කැමර් කක් යවල බැලුව. ඒ ඉන්න මස් වැද්ද නම් ද්‍රොමින්ඩෝ වෙන්න බෑ. ද්‍රොමින්ඩෝ ඉන්නෙ අනෙක් කාමරේ. ආයෙ යටට කපල උඩට ගත්ත. ඕන් ද්‍රොමින්ඩෝ මැතිතුමා නොහොත් වල් ද්‍රොමින්ඩෝ. ප්‍රකට ව්‍යාපාරික දේශපාලක සිල්වියානේ අර්බරේතේ ගේ එකම සල්ලාල පුතා ගේ සිරකූඩුවට අපි කිට්ටු කලා ඔව් ද්‍රොමින්ඩෝගෙ නින්දට බාධා කරනව කියල අපේ අම්මලාට අම්ම මෝ නැතිව කුනුහබ්බ කියන ද්‍රොමින්ඩෝගේ ශබ්ධය අපිට ඇහුනා. ඒ සද්දෙ අපිට වටිනවා. ඒත් උගෙ කටින් ඒ වෙලාවෙ පිටවුන කුනුහබ්බ ටික නම් බලු වටින්නෙ නෑ..

අන්ද්‍රෙයි:-.මෙච්චර අමාරුවෙන් කපල මූ ගොඩ දාන්න හැදුවම මූ අපේ අම්මලට බනිනවා. මට හිතෙනව සර් මූව ඕන් ඔහෙ තියල ආපහු උමග වහන්න.

.මං හිතන්නෙ ඒ කියප එක ද්‍රොමින්ඩෝට ඇහුන ඉන් පස්සෙ සද්දෙ අඩු වුනා..

නව දර්ශනයකි

මේ ඉන්නේ ද්‍රොමින්ඩෝගේ සිර කූඩුවට මෙහා කූඩුවේ සිරකාරයාය..ඒ පුද්ගලයා සෙනොන්ය.

සෙනොන්:-මොකද්දෝ සද්දයක් බොල් බොල් පොලොවෙන් ..ගගා ආව. මං බය උනේ නෑ. මං ඉන්නෙ ලංකාවෙ සුප්‍රකට ව්‍යාපාරික දේශපාලක සිල්වියානෝ අර්බර්තේ ගේ කාමරේ ලග නේ. මං මාලුවිකුනල ආන්ඩුවට මාලු කොටහ දුන්නෙ නෑ කියල මාත් සිරගත කලා. අපි මාලු හතරක් ඇල්ලුවොත් හතරෙවෙනි මාලුව ආන්ඩුවට.ඒ කිව්වෙ මාලු දොලහක් අපිට අහු උනොත් හතරවෙනි මාලුව, අටවෙනි මාලුව සහ දොලොස්වෙනි මාලුව ආන්ඩුවට යන්නෙ.. මං මාලු ඇල්ලපු පිලිවෙලට මාලුන්ගෙ හතරවෙනි එකා නිතරම පොඩි එකෙක්. අනෙක් යාලුවො ආන්ඩුවට පාඩු වෙයි. හරි මැතිතුමාට පාඩු වෙයි කියල හරි හතරවෙනි මාලුව විශාල එකෙක් ඇල්ලුව..

ඒත් මං ඒ තරම් දේශප්‍රේමි උනෙ නෑ.. ඒත් මගේ දවසක් බලයො ගොඩක් කිලෝ පහේ හයෝ බලයො ගොඩක් අහුවුන දවසක නිතරම හතරවෙනි මාලුව උනේ හාල්මැස්සො ගොඩක්..ඉතින් මං එදා මූදෙ ඉඳන් ආවෙ..මං දවසක් රෑ මූදෙ ඉඳන් එනකොට ලොකු මාලු අල්ලනවිට හතරවෙනි මාලුව හාල්මැස්සෙක් වෙන් බෑ කියල පනතක් සම්මත කරල. පැන්නන් හෝ හාල්මැස්සන්ට වඩා කුඩා මාලු පමණක් ඇතිවිට හතරවෙනි මාලුවා ආන්ඩුවට දිය හැකියි කියල ඒකෙ තියනවලු..

හයියෝ මේ අහිංසක මහල්ලා සහ කපටි මුහුදෙ හැටි..මේ සෙනොන් ටත් වැරදුනා..මං මෝඩය උසාවියෙදි තරක කලා මේන් මෙහෙම.

.උතුමානනි පනත මහදවල් සම්මත වුනාට ක්‍රියාත්මක උනේ රෑ දොලහට ඒ වෙලාවෙ මං හිටියෙ මූදෙ, මූදෙ ගොඩක් දුර ගිහින් තිබුන නිසා ජීපි එස් එක අනුව මං හිටියෙ මූදු සීමාවෙන් පිට..රටට අයිති මුහුදු සීමාවෙන් පිට පිට රට මූදු සීමාවෙ ඉන්න මාලුන්ට බදු ගන්න යූ එන් එකෙන් ඇප්‍රෘ කරගන්න ඕනි..තව දෙයක් රෑ දොලහට නීතිය ආවට ඒ මාලු හරියටම මැරුනෙ දොලහට කලිංද නැත්ද කිය්න්න බෑ..කියල..

පිටරටට පක්ෂපාති වි රටින් පිට ඒ රටේ මාලුන් ෂේප් කරගෙන මාලු සමග එකතුව දේශපාලන කුමන්ත්‍රණ ඇතිකර අධිරාජ්‍යවාදි කුම්න්ත්‍රණ ඇතිකිරීමට අනුබල දීම යටතේ තමා වසර 13.67ක සිරදඩුවමක් නියම කරන අතර මේ උසාවියේදි පැවැත්වූ සංකීර්ණ කතාව හේතුවෙන් වැදගත් සිරකරුවන් සිටින පොෂ් වාට්ටුවේම තබන ලෙසත් මා නියම කරමි කියල නඩුකාර හාමුදුරුවො කිව්ව..

ඕන් ඔහොමයි මං සැමට එකසමාන නීතිය තිබුනත් හිරගෙදරදි පොෂ් වාට්ටුවට එන්න පිණ ලැබුනෙ..

 

(මෙහිදී මේ මිනිසා හෙවත් සෙනොන් තනියම කියවන ආකාරයක් පෙන්වයි)මේ අතර ඩොග් ඩොග් සද්දය්ක එයි…

සෙනොන්:- මට හිතෙන්නෙ මේ වෙලාවෙ අර ද්‍රොමින්ඩෝ නිදහස් කරගන්න උමගක් යනව වගේ..බලමු මගේ පිණක් තිබිල මෙතනින් උමග ගිහින් තිබුනොත් ගොඩ..

 

ගුස්ටාවෝ :- දැන් නම් හදල ඉවරයි උමග ඉවරෙටම. දැන් ඉති්න් හිර ඇඳුමක් ඇඳන් මට ඇතුලට යෑමක් තමයි තියෙන්නෙ. කෝ ගන්නවල ඔය හිර ඇඳුම මට..

අන්ද්‍රෙයි:- සර්ටත් හිරකාරෙයෙක් වෙන් උනා නේ වැරැද්දක් නැතුවම..

ගුස්ටාවෝ:- ඔව් ඕයි සල්ලිවලට හිරගෙදර ඉන්න උනා..

මට බරපතල වැඩ සෙට්වෙන්නෙ මේ යෝදය එලියට ඇවිල්ල ඇතුලට ආවෙ නැතොත් තමයි..

අන්ද්‍රෙයි:- ඒ කිය්නනෙ සර් මේ ද්‍රොමින්ඩෝ හැමදාම එලියට එනවද?

ගුස්ටාවෝ:-දැන්ට කියන්නෙ සතියට වරයි එලියට එන්න දෙන්නෙ කියල. ඒත ්ඉතින් අනේ මන්ද. මං ටිකක් ද්‍රොමින්ඩෝගෙ ශරීරෙට සමාන පෙනුම තියෙන නිසාලු මාව ගත්තෙ. මොකොට ඔය අවලමා වගේ උනාද මන්ද මන්..

අන්ද්‍රෙයි:- ප්‍රශ්ණයක් නෑ ලූෂා මහත්තය ඔක්කොම බලා කියා ගනී.

ගුස්ටාවෝ:-හූම්..මං එන වෙලාවට සිග්නල් එකක් ලැබෙයි. එතකොට කස්ටිය රෙඩි වෙලා ඉන්න කියන්න. මොනා හරි අවුලක් තිබුනොත් මං මැසේජ් එකක් දාන්නම් පෝන් එකෙන්..කස්ටිය මල් කඩ කඩ ඉන්නෙ නැත්ව පෝන් ඔන් එකේ තියාගන්න. නැත්තං මේ කි මී දෙකක් දිග උමගෙ මග හිරවුනොත් මට හිරගෙදර නෙවෙයි. අපායෙ හිරගෙදර ලගින්නයි වෙන්නෙ.

අන්ද්‍රෙයි :- හරි සර් මටයි ලූෂ මහත්තයයි ඔක්කොම බලාගන් පුලුවන් වෙයි..

හුම් දැන් හරි..මුං හිතුව මේ සෙනොන්ට හොරෙන් හිරෙන් පනින්න. ඒව කොහෙද. තනියම ගිහින් මූදු හතක රවුං ගහල තිෙයන සෙනොන් රවට්ටන්නෙ. මං බිත්තියට කණතියල ලැබුන මැසේජ් අනුව අද එන්නෙ ගුස්ටාවෝ කියල කෙනෙක්. රෑ 8යි පනස් හතරට මෙතනින් යන්න ඕනි. මොකද අටයි පනස් හයට තමයි ද්‍රොමින්ඩෝව හමුවෙන්න තියෙන්න. ඒ වෙලාව තමයි ජේලර්ල ෂිෆ්ට් එක මාරු කරන වෙලාව. හරි බලමුකෝ..

(ඉන් පසු අඩි ශබ්ධයක් ඇසේ..)

සෙනොන්:-හිටපන් පාහරය ඔහොම හිටපන්

ගුස්ටාවෝ:- උඹ මොකෙද්ද, උඹ අපිට වැඩක් නෑ මං ආවෙ ද්‍රොමින්ඩෝ ගෙනියන්න.

සෙනොන්:- ඒව කතා වැඩක් නෑ. ඒයි පඟරනැට්ට මං මේ අත් දෙකින් මාලු.. පණ තියෙන මාලු දස දාස් ගානක් මරල ඇති. මට උඹ එක මාලුවෙක් විතරයි. හොඳ හිතින් ගිහි්න් හිටපන් මගෙ හිර කූඩුවෙ..

ගුස්ටාවෝ:- එතකොට මගෙ බොස් ද්‍රොමින්ඩෝ..

සෙනොන්:- ඌ කොහොමද උඹෙ බොස් උනේ..කනින නිලධාරියෝ..

ඌ ඔහොම හිටපු දෙන්. මේ ලඟදි මූ ජේලර්ස්ලට ලොකු එක දාන්න ගිහින් සම්බල් වෙන්න කාල තියෙන්නෙ. හිර කාරයොත් මූ පොඩ්ඩක් එලියට පහලියට දාන කල් ඉන්නෙ. මිනිහ හිතන් ඉන්නෙ මේක මිනිහගෙ මාලිගාවක් කියල.

ඒවයින් වැඩක් නෑ. කිව්වම ගිහින් හිටපන් උඩට වෙලා වාඩිවෙලා ජේලර්ස්ල එන්න කලින්..

ගුස්ටාවෝ:- නැ්තතං

සෙනොන්:- ඉඳා..තොට ,ඩුෂ් හඬින් ශබ්ධයක් එයි.

ගුස්ටාවෝ:- අයියෝ මගේ අත කැඩුනදත් මන්ද.

සෙනොන්:- ඇයි උඹට දැන් තේරුනාද. පොඩි මිනිස්සු හැමදෙයින්ම පොඩි නෑ කියල.

තො ්හිටපන් මං වෙනුවට හිරගෙදර..

ගුස්ටාවෝ:- එතකොට ද්‍රොමින්ඩෝ බේරගන්නෙ නැද්ද?

සෙනොන්:- අනේ නිකා හිටපන් නිකම් ලොක්කන්ට කහින්නෙ නැතුව. තොට තව අවුරුදු දා තුනයි මාස හයක් විතරයි ඉන්න තියෙන්නෙ. ආ පලයන ්දැන් කිව්ව තැනට මගේ කකුලෙන් පාරක් කාල තොගෙ කකුලටත් හොඳ එකක් නෙලාගන්න කලිං..

සෙනොන්.:- මං අර ද්‍රොමින්ඩෝට යන හරියෙ උමගෙ වැහුව. උඹට පුලුවන් නම් හාරල බොගෙ බොසා..උඹට සල්ලි දීල පාරවල් කප්ප ගත්ත බොසා. ටිකක් මාන්සි වෙලා හොයාගත හැකි. ඒත් වැඩක් වෙන එකක් නෑ..

සෙනොන්:- දැන් ජේලස්ල මාරු වෙන වෙලාව..මං යනව

ගුස්ටාවෝ:- අයියො ්තව අවුරුදු දාතුනක්. මූ මගේ මොබයිල් එකත් ගත්ත. දැන් කෝමද මං මේක ඇතුලෙ හිරවෙලා ඉන්නෙ..

සෙනොන්:- මං මේක පුපුරුවල දාන්නයි ඉන්නෙ. තොගෙ මොබයිල් එකත් ඒ උමගෙම තිෙයයි..

ගුස්ටාවෝ:- අඬයි;;දැ්න ගෑනි බලං ඉඳී මං එනකං..අයියෝ මව්ලීනා..ඔයා කිව්ව නේද ගිහිං එහෙනම් එන්න සුදෝ කියල..කවද්ද සුදෝ ආයෙත් ඔය නහය මිරිකන්න මූන අල්ලන්න මං එන්නෙ..

සෙනොන්:- බොගෙ ගෑනිට හෙම්බිරිස්සාවද ඕයි නාහෙ මිරිකන්න. තමුසෙ වගේ හරකෙක්. කෝකටත් තමුසෙට වැඩිකල් ඉන්න ලැබෙන එකක් නෑ. මූට වෙන පැත්තකින් උමගක් කපයි. එතකොට පැනපං. මූ ඇතුලෙ දාල..

මං යනවා..

( මියුසික් එකක් යයි..අඩි ශබ්ධයක් ඇසේ)

සෙනොන්:- අයියො ්ෙකායි තරම් දුර ආවද. කිලෝමීටරයකටත් වැඩිය ඇවිත්..

සෙනොන්:- හරි හරි මේ තියෙන්නෙ දොර..

මෙතන දොරක් නෑ..වලක් නේ කමක් නෑ මොකක් හරි..මේ තියෙන්නෙ.

තව ටිකකින් මෙතෙන්ට පෙට්‍රල් බෝම්බයක් ගෙනත් දැම්මම හරි..

නව දර්ශනයකි

නයිකුවාස්:- ගන්නව ඕයි කෝල් එකක් අර පොලිස් අධිකරණ ලේකම් සුසෙන්ට

සේවකයා:- හරි සර් ලයින් එකේ ඉන්නවා..

නයිකුවාස්:- දැන් මට කියනව වෙච්ච දේ. මොකද්ද කියල.

සුසෙන්:- සර් එකපාර හවස සද්දයක් ආව. ඒත් එක්කම මහ කානුවක් කැපුව වගේ දිග උමගක් තිබුන තැන් කියල හිතන්න පුලුවං තැන් කීපයක් ගිලා බැස්ස. සමහර තැන් ගිලා බැස්සෙ නෑ. ඒ පිපිරීම පොලොව යටින් ආව වගේ තමයි දැනිල තියෙන්නෙ. භූවිද්‍යා කස්ටිය ගෙ වාර්ථාව කියන්නෙ ඒ පැත්තට විතරක් නම් භූමි කම්පාවක් වෙන්න බෑ කියල. එතකොට රජයේ පැණි පරීක්ෂක..තුමත් ඒක සනාථ කරා..

නයිකු:- හරි කවුද ඕයි පැණී පරීක්ෂක කියන්නෙ..

සුසෙන්:- ඇයි සර් ග්‍රැජුවේට් රස පරීක්ෂකල උසස් වීම් ඉල්ලල පිකට් කලාම අපි උසස් වීම් දුන්නෙ පැණි පරීක්ෂක දෙපාර්තුමේන්තුවක් හදල.ආන්න ඒකෙ අය..

නයිකුවාස්:- හරි හරි මට ඔය කතාව ආරන්චි වුනා. ඔතන තියෙන් ඇත්තෙ උමගක් වෙන්න ඇති. අේප ගරු ද්‍රොමින්ඩෝ මැතිතුමා නිදහස් කරගන්න මහ ජනතාව ඕ වගේ දෙයක් කරන්න ඇති. ඒ ගැන කලබල වෙන්න එපා. එක්දාස් හත්සිය පනස් එකේදි බල්කියාව කියන රටෙත් තමුන්ගෙ නායකය නිදහස් කරගන්න ඔය වගේ උමගක් ගහල තියෙනවා. තමුසෙ අර රාජවාහිනි එකේ කියනව ඒ විස්තරේ පොඩ්ඩක් හොයල..මහජනතාව කැමති නෑ නෙ ඒ වගේ උත්තමයින් ඇතුලෙ ඉන්නවට..

සුසෙන්:- සර් කිව්ව වගේ උමගක් තමයි. ඒත් පස්නෙ ඒ ද්‍රොමින්ඩෝ මහත්තය ඉන් හිර කූඩුවට මෙහා කූඩුවෙ හිටපු සෙනොන් කියන මාලු කාරය වෙනුවට එතන වෙන කෙනෙක් ඉන්නවා. අපි අපේ සිස්ටම් එකෙන් හොඳට චෙක් කලා එහෙම ඒකිව්වෙ ඒ දැන් හිරකූඩුෙව ඉන්නව වගේ මූන තියෙන ඒ කියන නම ගම තියෙන හිරකාරයෙක් නෑ ඇතුලෙ. ඒත් ඇඳුම් ඕක්කොම හිර ඇඳුම්. අතකුත් කැඩිල මිනිහගෙ. මිනිහ කියන්නෙ මිනිහ පතල් කාරයෙක්ලු..පතල් හාරන කොන්තරක් කාරයෙක් කැණීම් කරන කෙනෙක් උමං හාරන කෙනෙක් අනම් මනම් කියනව. මිනිහට පිස්සුද මන්ද.පිටින් ආවත් අර සෙනොන් ඇුතලෙ නැති එක අපිට ලොකු ගැටලුවක් වෙයි. සෙනොන් දේශපාලන සිරකරුවෙක් නේ..

නයිකුවාස්:- හුම්..ඒ වාෙග  හිරකරුවෙක් හිරේ තියාගන්න වත් මේ ආන්ඩුව ශක්තිමත් නෑ කියල මිනිස්සු කියයි නේ..ඒ නිසා ඒ මිනිහ සෙනොන් කියල ලේබල් කරල තව ටික දවසක් තියං ඉන්නව. නිදහස් දවසක වත් බලමු මිනිහට චෑන්ස් එකක් දෙන්න..

( මේ අනුව අවසානයේ සෙනොන් පැනගිය අතර මුදාගැන්මට පැමිණි ගුස්ටාවෝ සිරගත විය. ගුස්ටාවො ්කිසිදු වරදක් කර නැතිමුත් සිරේ අවුරුදු ගානක් සිටින්නට විය. ද්‍රොමින්ඩෝ ගේ ලොකුකම නිසා ඔහු හත් අට වතාවක් හොඳින් කන්නට විය. මේ උමග ගැන සැක පහල කල විපක්ෂය සහ වෙනත් මානව හිමිකම් සංවිධාන වල දැඩි ඉල්ලීම පිට ද්‍රොමින්ඩෝ මේ සිර කඳවුරේම ඉහල මහලකට යවන ලදී..)

jak seen (ජැක් කෝලම)

සම්මත

.සෙමෙන් ඇවිත් පැද්දි පැද්දී..
මං නිදා ඉද්දි අත වැදෙද්දී..
ඇයි සුදෝ මේම මා එද්දී
රවාලා සිනා නොදී ඉන්නේ…

මා ඔබේ පෙංවතා නොවෙයිනේ
දන්නා කිව් එකෙක් නොවෙයිනේ
නාකි කොලමක් ඇවිදින් වගෙයිනේ
කියා ඔබත් සිතයිද මන්ද බෝසේ..

සීසොන් එකෙන් යන එන කොල්ලෝ..
වැදිල්ලා යති නෑ බලන්නෙ කෙල්ලෝ
මැදි වයසෙ ඉන්න අපියි වෙන්නෙ සල්ලෝ
කියා කියත් සමහර ලොල්ලෝ

ඉබේ පැද්දෙන විට  ගැස්සෙන විසිවෙන
බෝම ලෝල වඩන බැක් එක දිස්වෙන
ඒව බලන් ඉන්න කොට මගෙ ඇස් දෙක
සොයා ළඟට යයි නොදනිම මගෙ ඇඟ…

දූරියන් කතාව

සම්මත

ඔන්න පේමදාස මාත්තයයි තව ඇමටියො දෙන්නකුයි අමරිකාවෙ බුස් බලන්න යන්න ලැස්ති වුනා.මේ තියෙන්නෙ බුස් තුමාගෙ හැපි බර්ත්ඩේ පාටියක්…මේකියන්නෙ ක්ලින්ටන්ට කලින් හිටපු ලොකු බුස්..ඉතින් මේ ගමනට සුවිසේසි තෑග්ගල් විදියට දූරියන් ගෙනියන්න තමයි ඕනි උනේ මේ දෙන්නට..
ඒත් ඉතින් මුලු ප්ලේන් එකම ගඳ ගහයි කියල ප්ලේන් එකෙන් බෑ කියයි කියල ලොකු සැකයක් තිබුන පේමදාස සහ ටීම් එකට.
ඉතින් ඒ නිසා මහ රෑ කලබලේ ජේ ආර් ලොක්කට කෝල්එකක් අරන් අහනව..සර් මේ අපි දුරියන් ගෙනියන්න ගියේ බුස්ගෙ බර්ත්ඩේ පාටි එකට..අපිට ප්ලේන් එකේ පර්මිෂන් ගන් පුලුහං වෙයිද් දන් නෑ කිව්වලු..
නිදිමත විකාරෙන් හිටපු ජේ ආර් ලොක්ක.තමුසෙලාට දුරියන් ගෙනියන්න බැරිනම් දෙහි ගෙඩි දෙකක් අරන් යනව ඕයි…
ඉතින් ඕක ජේ ආර් නිදිමත විකාරෙන් කිව්වට පේමදාස ලොක්ක හිතුවෙ මේක තමයි තමුන්ගෙ නායකයගෙ තීරනේ කියල..ඉතින් ටිකක් ලොකු සයිස් දෙහි ගෙඩි දෙකක් තෝරල කාරිය..හොඳට පැක් කරල ලස්සනට රිබන් එකකුත් ගැට ගහල තෑග්ගත් අරන් ගියා අමෙරිකාවට..
ගිහින් ඕන් දැ්න පාටිය මැද කස්ටිය කාල බීල ස්තූති කතාවකරන්න බුසා ලෑස්තිය..ඉතින් තෑගි දිහා බලල ස්තූතිය කරන්න පටන් ගන්නොකට දැක්කල සුට්ටි තෑග්ගල් තියෙනව..මේඩ් ඉන් ශ්‍රී ලංකා ලේබලය යටතේ..
ඉන් පසුව වහාම ආරක්ෂකයින්ට කියල මේ ලස්සන චූටි තෑග්ග ලෙහුවලු…ඉතින් අපේ පේම උන්නැහෙයි..අනික් දෙන්නයි..කට ඇරන් බලං ඉන්නවලු ස්තූතිය ලැබෙනකල්..මොකෝ ඉතින් තෑගි සිය දාස් ගානක් අතරනි ්ෙතා්ර ගත්ත තෑග්ග නෙව…
පස්සෙ තෑග්ග ඇරෝගත්ත බුස් අර දෙහි ගෙඩි දෙක දැක්කලු..දැක්ක ගමන්ම සැක හිතුන නිසා වෙන දෙයැක්දැයි බලන්න පොඩ්ඩක් එබුවත් එක්කලු…
ඉතින් මේ දෙහි ගෙඩි දෙකක් අරන් බර්ත් ඩේ එකට ආපු පේමයයි අනික උන් දෙන්නයි ගැන මාර තරහක් ආවලු අර පරණ බුසාට…
ඉන්පස්සෙ වහාම මුං තුංදෙනා ගෙනගොස් මේ දෙහි ගෙඩි දෙකට තවත් ඇමරිකන් ලොකු දොඩං ගෙඩි දෙකකුත් දීල තුන්දෙනාට දවසක් තිස්සේ මේ දෙහි දොඩං උඩදදා ඉන්න කිව්වලු..
ඕව්ව උඩදාල අත රිදෙන්ට ගත්තහම පේමදාස උන්නැහෙ කියනවලු..
දෙහි නිසා හොඳා…
දූරියන් ගෙනාවනම් කොහොමෙයි/ ආතල් එක..???.

Greese Devil new Version

සම්මත

දැං ගහගන්න තරමක් තමයි පොලිසි ගෙනිච්චොත් මොන ගැහිලිද..ඉහලින් ඕඩර් ආවොත් ඉවරයිනේ..
ඉතින් ඔහොම 20-30ක් එකපාර හිතල ගහනකොට එතැනම ගීස් යකා කම්බස්….
කුඩු විකුනපු දුමින්ද ,.මිනීමරපු කත්‍රිආරච්චි,,සහ කෝටි ගනන් හොරකං කරපු අය එලියෙ ඉන්නකොට පොලිසිය ගැන කොහාමද මිනිස්සු විශ්වාස කරන්නෙ..
සරත් ඇතුලෙ කේපී එලියෙ…එතනම කොයි තරම් විශ්වාසයක් එනවද මිනිස්සුන්ට අධිකරණ සහ පද්ධතිය ගැන…

ලිනක්ස් වල මෘදුකාංග ස්ථාපනය

සම්මත

Ubuntu Linux Software Installation Sinhala

දැනට බොහෝදෙනා ලිනක්ස් භාවිතා කර මෘදුකාංග ස්ථාපනය කරගන්නා සැටි කිනම් ආකාරයකින් හෝ දන්නවා ඇත. එහෙත් නැවුම් පරිශිලකයින් ඇනෙන ප්‍රධාන ස්ථානයක් නම් මෘදුකාංග ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියයි.මා භාවිත කරන්නේ උබන්ටු මෙහෙයුම් පද්ධතිය වන අතර ඒ හා සබැඳි අයුරකට මෙහි මෘදුකාංග ස්ථාපනය කිරීම පැහැදිලි කරනු ලබයි.එහෙත් සාමාන්‍යයෙන් සමරූපි ආකාරයක් ගන්නා අනෙකුත් ලිනක්ස් වලදීද මේ ආකාරයේම ක්‍රමවේද පැවතිය හැක.

ලිනක්ස් වල මෘදුකාංග ස්ථාපනය කරන ක්‍රම..

බොහෝ ලිනක්ස් භාවිත කරන අය අතර ඇති ප්‍රකට මතයක් නම් ලිනක්ස් වල සියලු යාවත්කාලින කිරීම් සඳහා අන්තර්ජාල සබඳතාව අවැසි බවයි.එහෙත් එසේ නොමැති අයවලුන්ට අංකිත තැටි(DVD) දෙක තුනක සාමාන්‍ය පොදු මෘදුකාංග විශාල ප්‍රමාණයක් ලබාගෙන ගොස් පරිඝනකයේ තබාගෙන ඒවා අවැසි පරිධි ස්ථාපනය කරගත හැකිය.එසේ කරන ක්‍රමවේදය රිපොසිටරි නම් දෙයක් හැසිරවීම ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ දැක්වෙයි.එහෙත් එය තරමක් සංකීරන කටයුත්තකි.ලිනක්ස් දන්නා හොඳ අයෙක් විසින් තෝරාගන්නා ලද පැකේජ තෝරාගත් පිළිවෙලකට පලමුව තැටි වලට ලිවිය යුතුය.ඉන්පසු ඒවා අදාල පරිඝනකය වෙත ගෙනගොස් ස්ථාපනය කල යුතුය.මෙහිදි පලමුව ඒ තැටි වල දත්ත දෘඩ තැටියට කොපි කිරීම කල යුතුය.

දැන් දැන් ඈත ගම් දනව්වලටද අධිවේග දත්ත මලු හැසිරවීමේ නව ක්‍රමවේදය අනුව(High speed Data Packet Access- HSDPA) අන්තර්ජාල පහසුකම් පහසුවෙන් ලබාගත හැක.ගිගා බයිට් 2ක පමණ දත්ත හසුරවා ගැනීමෙන් සියලු ඕඩියෝ වීඩියෝ මෘදුකාංග සහිතව උබන්ටු ලිනක්ස් ස්ථාපනය කරගැනීමේ හැකියාව සාමාන්‍යයෙන් ඇත.නව ලිනක්ස් සංස්කරන වල කිසිදු අයුරක වෙනස් කිරී්මකින් තොරවම ජංගම අධිවේග සබඳතා කට්ටලය(Mobile Broadband connection) සබඳතාවය ලබා දෙයි.

උබන්ටු වල දී මෘදුකාංග ස්ථාපනය කරන ක්‍රමවේද

මෙයින් ක්‍රමවේද 4-5ක් සාමාන්‍යයෙන් ජනප්‍රිය වී ඇත.

මෙයින් නව උබන්ටු සංස්කරණවල මේ මෘදුකාංග ස්ථාපනය පහසු කරනු පිණිස ඇති උබන්ටු මෘදුකාංග මධ්‍යස්ථානය(Ubuntu Software Center) හරහා අපට අවැසි දේ ලබාගැන්මේ අවස්ථාවල ලබා දී ඇත.එයින් වීඩියෝ ඕඩියෝ සහ අනෙකුත් විවිධාකාරයේ මෘදුකාංග දහස් ගණනක ප්‍රමාණයක් කිසිදු අයුරක බාධාවකින් තොරව ස්ථාපනය කරගැනීමේ අවස්ථාව ඇත.

අනෙක් ක්‍රම වේදය නම් පුරාණ කල සිට පැවතෙන ලියන ලද විධාන භාවිතයෙන් මෘදුකාංග ස්ථාපනය කිරීමයි.(Command Line Software Installation).දැනටත් උබන්ටු සඳහා මෙන්ම අනෙක් ලිනක්ස් සංස්කරන සඳහාද මේ ලියන විධාන භාවිතය සිදුවෙයි.මේ හරහා ලැබෙන වාසි ගනනාවක් තිෙබ්.

*මෘදුකාංගය බාගත කරන අවස්ථාවෙහිදී ජාල සබඳතාවයේ විචලනයන් සිදුවුවහොත් හෝ බිඳවැටීමක් සිදුවුවහොත් යලිත් මුල සිට බාගත කිරීම සිදුවන්නේ නැත.වන්නේ නැවති තැන සිට බාගත වීමයි.

*සමහර මෘදුකාංග ස්ථාපනය කිරීමේදි එම මෘදුකංගය යහතින් වැඩ කිරීමට අනෙක් වෙනත් මෘදුකාංග කීපයක් අවැසි වෙයි.බොහෝවිට ලියන විධාන භාවිත කිරීමේදි ඒවා තෝරා බේරාගෙන ස්ථාපනය වීමක් සිදුවෙයි.

*එසේම එක උඩ එක ගොස් මෘදුකාංගය ස්ථාපනය කිරීමේ ක්‍රමවේදය හිර වීමේ අවස්ථාව විධාන භාවිතා කීරීමේදි අඩුය.

අප සාමාන්‍යයෙන් ආසා කරන්නේ මවුස් පොය්න්ටරය ගෙනගොස් ඔබා අපට අවැසි දේ ගැනීමටයි.මා දිනෙක මෙවැනි අසීරු විධාන ක්‍රමවේද තවමත් ලිනක්ස් වල පවතින්නේ ඇයිදැයි එක් ගුරුභවතෙකුගෙන් ඇසීමි.ඔහු පැවසුවේ මවුසය මඟන් අත් දෙකම භාවිත කර ලබාදිය හැක්කේ වරකට එක් ස්පන්ධයක් පමණක් බවත් යතුරු පුවරුවෙදි වරකට වෙනස් වෙනස් මුහුනත් වලදී එකවර ඇඟිලි 10ම භාවිත කල හැකි බවත්ය.ඔහු එය කරනු මාද පසුව දුටුවේය..සාමාන්‍යයෙන් ඔහු වැඩකරන විටඑකම මොනිටරය තුලම වෙනමම ස්ක්‍රින් කීපයක් උපයෝගි කරගනී.එක් මුහුනතක එක් වැඩකුත් අනෙකේ තවත් වැඩකුත් ආදි වශයෙන් හැකරැල්ලෙකු මෙන් අපි හැරෙන විට වැඩ සීයක් කරගැනීමට ඔහු සමත්ය.රුපරාමු සංස්කරණය,ශබ්ධ පරිපාලනය ආදි බොහෝ දේ ඔහු කරනු ලබන්නේ විධාන භාවිතා කර වෙයි..විටෙක විධාන හා සාමාන්‍ය ස්ක්‍රීන් දෙකම එකවර භාවිතා කරයි.

සිනප්ටික් පැකේජ් මැනේජර් වලින්ද මෘදුකාංග ස්ථාපනය කර හැක.එහිදී තෝරාගත් කොටස් පමණක් ඇතුලත් කරගත හැකි පරිදි කුඩා කොටස් දහස් ගණනක මෘදුකාංග මාලාවක් අන්තර්ගත වෙයි..(Synaptic Package Manager) System>>>Administration>>Synaptic Package Manager or new Ubutu versions search Synaptic at its search panel.

මෘදුකාංග සාමාන්‍ය වින්ඩෝස් මෙන් පලමුව බාගෙන දෙවනුව ස්ථාපනය කිරීමේ ක්‍රමවේදයක්ද ඇත..එහෙත් එසේ බාගන්නා මෘදුකාංග නියම මෘදුකාංග දැයි හඳුනාගැනීමට අපාසු නිසා පලමු ක්‍රම දෙක සුදුසු වේයැයි සිතමි.මන්ද අපි පුන පුනා ලිනක්ස් වල වෛරස නැතැයි කීවත් එයට සියයට සියයක වගකීමක් දෙන්නට කිසිම කෙනෙකුට බැරි නිසාය.

අලස අපි කෝමද කොමාන්ඩ් හොයාගන්නෙ

අපි මුලින්ම ටර්මිනලයට ඇතුල් වෙලා ඉම්මු..Application>>Accessories>>terminal

හෝ අලුත් උබන්ටුවක් නම් ටර්මිනල් කියන එක ඉංගිරිසියෙන් සේච් කලාම හරි.

ඒක හරිම ලේසි දෙයක් දැන් ඔය ගූගල් හෝ වෙනයම් සේච් එන්ජිමක් භාවිතා කරල අවැසි මෘදුකාංගය හෝ කාර්යය කිව්වම එනව වෙබ් අඩවි බර ගානක් මේවයෙ තියනව කොමාන්ඩ් ගෙඩි පිටින් අපිට තියෙන්නෙ ඒ එකින් එක කොපි කරල අර ටර්මිනල් එකට පේස්ට් කරගන්න එක විතරයි මුලින්ම පේස්ට් කරන්න කලින් එක වැදගත් බඩුවක් කරල ඉන්නවනම් ඇඟට හොඳා..ඒක තමයි ටර්මිනලය ට අවසර පදය නිකුත් කිරීම..එ්කට

sudo -s

කියන එක ගැහුවම එන තැන අපේ ප්‍රධාන මුරපදය ඇතුලත් කලාම හරි.ඒ මුරපද එහෙම දානකොට දැන් තමන් ඉන්න බාසාව ගැන සැකලිකිලිමත් වෙන්න..මුරපදය ඉංගිරිස් නම් පැනල සිංහෙලෙන් ඒ ඉංගිරිස් ටික ඔබල හරියන්නෙ නෑ.

දැන් අර වෙබ් එකේ තියෙන කොමාන්ඩ් එක්ින් එක දමන්න දමල..සැනෙන් අනික් එක ඔබන්න යන්නෙ නැතුව වෙන දේ බලං ඉදල ඒක නෝමල් උනාම අනෙක් කොමාන්ඩ් එක දමල එන්ටර් ඔබන්න..

මේ පහත තියෙන්නෙ වැදගත් වෙන වීඩියෝ කන්වර්ටර් එකක් උබන්ටු වලට දමන්න ඕනි කමාන්ඩ් ටික..

කස්ටියට වැඩේ ඉංගිරිස් වලින් බලන්න මෙතනින් පුලුවනි..http://code.google.com/p/winff/wiki/UbuntuInstallation

1.sudo add-apt-repository ppa:paul-climbing/ppa
2.sudo apt-get update
3.sudo apt-get install winff
4.sudo apt-get install libavcodec-extra-52 
දැන් වැඩේ ඉවරයි..නෙට් කනෙක්ෂන් එක වේගවත් නම් මේකට විනාඩි 10ක් යන්නෙ නෑ..
මේ කමාන්ඩ් ලයින් වල මේව ගහනකොට මේ හරහා ස්වයංක්‍රියවම අන්තර්ජාලයට සම්බන්ධ වෙලා නියමිත බාගැනීම සිදුකරගන්නව.
ඒවට ඉතින් සුවල්ප වෙලාවක් යනව..ඒත් බඩු ෂුවර්..
සමහර වෙලාවට නැවත පනගැන්වීමක් ඉල්ලුවත් බොහෝ වෙලාවට එහෙම එකක් අවැසි වෙන්නෙ නෑ මේ කෙදි..
කියන්න දෙයක් තියනවනම් ලියල යන්න ඈ....