සිංහයාට වෙඩි තියන්න එපා

සම්මත


මඳ ආලෝකයක් සහිත කාමරයක් දිස්වෙයි. කිසි පිළිවෙලක් නොමැතිව හැම තැනම බඩුමුට්ටු විසුරුවා හැර ඇත. මැදිවියේ කෙනෙකු පුටුවක් මත හිඳගෙන ගීතයක් ගායනා කරමින් සිට

නවතින්න තැනක් නෑ

ගැලවෙච්ච කෙනෙක් නෑ.

ආයෙත් ඉපදෙන්න හිතක් නෑ

ඔයගොල්ල වෙලාවට ඇවිල්ලා. ඇයි මට කතා කරේ නැත්තෙ. මොනවද බොන්නෙ? බොන්ඩ ඉස්සෙල්ල මොනව හරි කාලා ඉමු. එපා. OK

මගේ කතාව පට්ට බෝරිං. මොකද අපි වයසටම ගියේ බස් වලම ගිහිල්ල. බස් එකට නැගලා බහින කොට පැය ගානකින් වයසට ගිහිල්ලා. අපේ හොඳම කාලේ බස් ඇතුලෙදි ගෙවුනා. බොරිං කතාවක් කොහොමද ඉන්ටරෙස්ටින් විදියට කියන්නෙ. මේ මම Pressure වලට බොන පෙත්ත. මම මේක විසිකරලා දානවා. බයවෙන්ඩ එපා. දැන් ජීවත් වුනා ඇති. මම කැමති නෑ පෙති බිබී පොඩි ළමයි දූෂනය කර කර පිස්සු නටන්ඩ. මගේ මරණයේ වගකීම මම බාරගන්නවා.

මම දැන් ගත කරන්නෙ මගේ ජීවිතයේ අවසාන විනාඩි කිහිපය. මම පුළුවන් තරම් වේගයෙන් හැමදේම කියනවා. බෝරිං වගේ හිතුනොත් නැගිටලා යන්ඩ. අපි toss එකක් දාලම වැඩේ පටන් ගමු. නෝනා වැටුනොත් මගේ තරුණ කාලෙන් පටන් ගන්නවා. පොල්ල වැටුනොත් පොඩිකාලෙන් පටන් ගන්නවා. පොල්ල, කාලේ තමයි කාලේ. කොච්චර සුන්දරද? හැමදේම තිබුනා. එහෙමනං මම කොහොමත්ම කියන්නෙ නෑ. මොකද මේ වෙලාවෙ දැන් කාලේ කෙල්ලෙක් ආශ්රය කරලා.

F B Chat කරලා. මොකද මේ හැම අළුත් දවසක්ම ලෝකයේ නූතනම දවසක්. දවසේ ජීවත් වෙන්ඩ කවුරුත් ආසයි. අර සිංදුවක් තියෙන්නෙ නාකි කාලේ ආයේ එන්නෙ නෑ. මම සරලව කිව්වොත් සංස්කෘතිය කියලා දැන් තියෙන දේ කාලෙ තිබ්බෙ නෑ. අපි හැම ජාතියකම film බැලුවා, සිංදු ඇහැව්වා, හැම කෙනෙක්වම ආශ්රය කරා. එහෙම වුනාම හරි විවෘත මිනිහෙක් බිහි වෙනවා. ඇත්තම කියනවනං අපි සරල සංස්කෘතියක ජීවත් වුනේ. කියන්නෙ අන්තවාදී නෑ කියන එක. සිංහල බෞද්ධයො කැපුවත් කොල. ඒව නෑ. හැම තැනකදීම මම මැජික් එකක් වගේ වුනා. හරියට නිකං මාලන් බ්රැන්ඩෝ කැලෑ හඳ එකේ රඟ පෑවා වගේ. 1956 දි අපේ නෑදෑයෝ ගොඩක් පිටරටවල් වලට ගියා. නිව්ටන් මාමා යන්ඩ කලින් එයාගේ ගිටාර් එක මට දුන්නා. මම එතකොට ගොඩක් පොඩියි. ඒත් මට තේරුණා ගොල්ල මේ රට දාලා යන්නෙ කැමැත්තෙන් නෙමෙයි කියලා. මගේ නෑදෑයො වැඩියෙන්ම හිටපු මගේ උපන් දිනය දවස මට මතකයි. නිව්ටන් මාමා Base Voice එකකින් සිංදු කියනවා. English Song,Sweet, sweet memories you’ve given me you can’t beat the memories you’ve given me.

 

මම තරුණ කාලේට එනකොට අපේ පවුලේ අයත් පිටරට යන්ඩ තීරණය කලා. මේ පොලොවෙ පොඩි මැජික් එකක් තියෙනවා. දාලා යන්න හරිම අමාරුයි. අපේ තරුණ කාලෙයි දැන් අයගෙ තරුණ කාලෙයි අතර වෙනස කියන්ඩ තරම් මට උදාහරණයක් දෙන්න පුළුවන්. ඉස්සර රීගල් එක ඉස්සරහ බියර් එකක් බොන්න පුළුවන්, අශ්ව රේස් බලන්ඩ පුළුවන්. හොඳට කන්ඩ තිබ්බා. බඩගින්නෙත් හිටපු වෙලාවල් තිබුනා. බිත්තර කේස් ගන්න කෑවේ. දැන් කොල්ලො පව්. ඔන්න සංස්කෘතිය අපිට දුන්න ආතල්.

ගිටාර් එක, බීම, කෑම, Sent,පවුඩර්, ඕකෑ නාකි මැන්ටල් ජීවිතේ. නෑ අපි කැමති කෙනාට ලෝබ නැතුව love  කලා. Rock Company එකේ සත ගානට සිංදු ඇහුවා. කැමති තැනකට ගියා. Free as a bird. ලාලාලා..ලා..ලා..ලා. අපිට හොඳ Shows තිබුනා. Elvis, Beatles, Heart break hotels මට මාර කතාවක් මතක් වෙනවා. අපි වික්ටෝරියා පාක් එකේ පිට්ටනියෙ බුදිය ගෙන අහසෙ තරු දිහා බලං හිටියා. Holy Smoke සුවඳ එනවා.

පොලිස්සියෙන් ආවා. අපි දිහා බලලා හිනාවෙලා ගියා. මගේ යාළුවෙක් කිව්වා. මචං බුදුහාමුදුරුවො කියල තියෙනවා හැම දෙයක්ම දීලා කිසිම දෙයක් ඉල්ලන් නැති දෙයක් තියෙනවා. Florence කිව්වා. ගෑනු? පිස්සුද ඩෝ ? ස්වභාව ධර්මය. මම එකට සංගීතෙත් එක්කහු කරනවා. අරෙවාක්යා බාත් හෛ. සරත් මාර..කවිවාලි එකක් කියන්ඩ ගත්තා. (හින්දි ගීතයක් ගයයි) කැරැල්ලෙන් පස්සෙ අපි දිගට තිබුන කොන්ඩය කැපුවා. අපේ අම්මලා ඔස්ට්රේලියාවට එන්ඩ කියලා කිව්වා. මම ගියේ නෑ. Florence Europe ගියා. සරත් ඉන්දියා ගියා. බෑන්ඩ් එක කැඩුනා. මට ආදායම් මාර්ගයක් නැති වුනා. කරන්ඩ කිසිම දෙයක් තිබුනෙ නෑ. මම හිර වුනා. සිංහල සිංදුවක් කියන්ඩ try කරා. Radio Ceylon එකේ ඒක හොඳට play වුනා. කෙල්ලො මට ලියුම් ලියන්ඩ ගත්තා. මම ආයිමත් Romeo කෙනෙක් වුනා. මම බැන්දා. ලමයි දෙන්නෙක් හැදුවා. ඡන්ද රැස්වීම් එක්ක සංගීත පටන් ගත්ත නිසා තව වැඩ වැඩිවුනා. එක කේලමක් නිසා මගේ තැටි  Radio Ceylon එකේදි ඉරි ඇඳලා තිබ්බා. වැඩ නැති වුනා. ජෙනීටා රට ගියා. ආවෙ පෙට්ටියේ.

මම betting center වල job එක කරලා ලමයි දෙන්නා හැදුවා.

දැන් මම නිදහස් කියලා හිතනවද?

මට මතකයි උන් ගෙදරින් යන්ඩ කලින් කියාපු දේවල්. තාත්තලා අපිට මොනවද කරලා තියෙන්නෙ. කෑවා බිව්වා ආතල් ගත්තා. නිකං පිස්සො වගේ. තාත්තේ සංස්කෘතියක් නැති මිනිහෙක්ට පැවැත්මක් නෑ. විශේෂයෙන් ලංකාව වගේ රටක. අන්තිමට මොකද වෙලා තියෙන්නෙ පිටරටවල් වල දුවන අශ්වයන්ට බැට් අල්ලන ඒවා එක්කාසු කරනවා. අම්මා රට ගියේ නැත්තං තාම ජීවත් වෙනවා. ඕව ගොං ආතල් තාත්තෙ.

දැන් ටිකකට කලින් මගේ ළමයි දෙන්නා මට calls දුන්නා.

තාත්තේ තාත්තා. බය වෙන්න එපා. තාත්තගේ මරණෙ අපි Live පෙන්නනවා. Sponsor  ලා ok. තාත්තගේ සිංදුව රිංගින් ටොන්ස් වලටත් දැම්මා. තාත්ත මගෙත් එක්ක තරහයි කියලා මම දන්නවා. තාත්තේ මේ මම අරං දෙන්න තාත්තට ලැබෙන්ඩ තිබුන තැනක් තාත්ත කවදාවත් මැරේන් නෑ. නිසා මැරෙන්ඩ බයවෙන්ඩ එපා. අපි තාත්තගේ මරණෙ ජීවත් කරවනවා. අපිට පුළුවන් තාත්තෙ. තාත්තගේ අන්තිම කැමති පත්රය අපි වෙනුවෙන් පොඩ්ඩක් වෙනස් කරන්න try කරන්ඩ.

මම තාත්ත මලාම අඬන් නෑ. මොකද තාත්තා ජීවිතේ හොඳට විඳල නේ මැරෙන්නෙ. ඇඬුනොත් ඇඩෙන්නෙ අපිට තාත්තල ගත්ත ආතල් එක ගන්න බැරිවුනානේ කියන දුකට විතරයි. තාත්තෙ තාත්ත තමයි මගේ හොඳම production එකේ theme එක. මගේ තාත්ත වගේ ඒක title එකට හොඳයි නේ. තාත්තේ මං එවපු contract එක sign කරන්ඩ. ඕකෙන් තාත්තගෙ පුතාට ඉස්සරහට යන්ඩ හොඳ chance එකක් හම්බ වෙනවා. තාත්තේ අන්තිමාට අම්මා ගැන වචනයක් කියලා මිනිස්සුන්ට ඇඬෙන්ඩ වැඩේ දෙන්ඩ. God bless you තාත්තෙ. නොකියම බෑ. බුදු සරණයි.

Ok my son. God bless you. sms වැඩෙත් කරපං තව ගානක් උඹගේ අතට අයි නේ. බාල කොල්ලව මතක් කරා කියපං. පොඩිකාලෙ උඹ වගේමයි.

ලොකු පුතාට කතාකරන්ඩ වෙලාවක් තිබ්බෙ නෑ. තාත්තෙ මල්ලි කතා කරලා විස්තරේ කිව්වා. වැඩේට මම කැමතියි. තාත්තෙ තාත්ත අන්තිමට හොඳ සිංදුවක් කියන්ඩ. හැබැයි දේශපාලනේ ගාවගෙන කියන ඒවට මම විරුද්ධයි. මොකද තාත්තේ අපේ පක්ෂෙ කාවත් තරහ කරගෙන මේ ගමන යන්ඩ මම කැමති නෑ. තාත්තේ තාත්තා වීරයෙක් වගේ මැරෙන්ඩ යන්නෙ. තාත්තෙ මම තාත්තගේ පුතෙක් වුන එක ගැන ආඩම්බර වෙනවා. කවදහරි අම්මා, තාත්තා, මල්ලි මම කොහෙදි හරි ආයිමත් එක්කහු වෙයි. බුදු සරණයි.

මොනව වුනත් ටික කියනකොට උගේ හිත ඇතුලෙන් අඩනවා මට ඇහුනා. තාත්තගෙ පුතා.

හරි මිත්රවරුනි. අපිට good bye කියන්ඩ වෙලාව ඇවිල්ලා. මගේ අන්තිම රසික පිරිස ඕගොල්ලා. ගැන මම ස්තුති කරනවා.

පසුබිම් හඬ :- තාත්තෙ make up ඔතන ඇති දාගන්ඩ හොඳ කෝට් එකක් තියෙනවා ඒකත් ඇඳගන්ඩ. විනාඩි 2ක් කතාකරලා සිංදුව කියන්ඩ.

(මිනිසා අංගරචනය කරගනී. කබාය ඇඟලා ගනී. පසුව පුටුවක හිඳගනිමින් කතා කරයි.) ජෙනීටා මට ඔයාව මතක් වෙනවා. මගේ ළමයින්ගේ ලමයින් මං වගේම ආදරෙයෙන් සහ නිදහසෙන් පිරුන හිත් වලින් ජීවත් වේවා. මේක මහා පරණ සිංදුවක්. ඒත් කාලෙ විදිහට වෙනස් කරා. මේ තරුණ ලමයි හිතනවා නං අපි කරපු බොරු සෝබන වැඩ නිසා ඕගොල්ලා දුක් විඳිනවා කියලා. මගේ මුළු හදවතින්ම මම සමාව ඉල්ලනවා. හරි. මට ප්රශ්නයක් නෑ.

Thank you. ඒක මතක් කරාට. . Florence,හීත්, ස්කී, රොජර් are you ready let’s play.

මැරෙන්ඩ කිට්ටු වුනාම ඇත්ත කියන්ඩ ලේසියි.

කොළඹට රෑ වෙලා මග එළියයි

හදවත කළුවරයි යන එන මඟ සොයයි.

රෑ කුමරියන් හඬයි නෑ පාළු

උණුසුම් හැඟුම් බෙදයි වී යාළු

සල්ලිත් නැති නිසා ඇසෙන් වරදෙ බැඳෙමී

ඇඟටත් ගුන නිසා බොලඳ ගීත ගයමී

කුරුඳු වත්තෙ නම් කෙල්ලොත් බල්ලොත් දකිමී

කඳුළුත් ගුලිකරන් විසිල් ගහලා හැඟුම් නිවමී

සෙරෙප්පු අඩියට බැහැලා

ගිටාරය තනියට අරන්

 

කම්කරු තුමාගෙ පිළිරුව යටදී

දෙවියෙක් මඟ රැකලා වර තුනක් දුන්නා

එකකින් කුරුඳු වත්තෙ ගෙයක් ඇරගත්තා

දෙවනි එකෙන් ලැම්බෝගිනි කාර් එකක් ගත්තා

තුන්වෙනි එක ගන්න කොටම….පොලිසියෙන් පැන්නා.

 

කන්ඩත් දෙන නිසා හිරේ නරකම නෑ.

ගෑනුත් නැති නිසා හිතේ අවුලක් නෑ.

උපවාසයකුත් කෙරුවා තුවක්කුව තනියට අරන්

අනේ සර් සිංහන්ට වෙඩි තියන්ඩෙපා..

 

මගේ ගිටාරය ඇති පිලිරුව යට

දැක්ක කෙනෙක් ගෙනත් දෙන්න.

මට ගීතයක් තිබේ ඔබලාටයි//

 

මිනිසා සෙමින් මරණයට කරා යයි. වේදිකාව අඳුරු වී තිරය සෙමින් වැසෙයි.

 

සමිල විදානගේ

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )