චමිල් පියන්ගේ කැච් එක.

සම්මත

අලුතින් ට්‍රේනින් වලට ආපු ගෑනු ලමයා අමුතුය. ඇය ලක්ෂණ වෑහෙන ඇය කෙනෙකු නොවූවාට ඇයගේ මනස්කාන්ත පාර්ශවයන්ද නැතුවා නොවේ.. ඇය වේගවත්ය.. කතාව මෙන්ම වැඩද වේගවත්ය. ආර්ය සිංහල කෑල්ලකට වඩා ඇය වරකදී අදහස් ගොඩක් කියයි. ඒ මුඛරි කට හරි ලස්සනය. කට වට වී ඇති රෝස පාට තොල්පෙති සිපගන්නට කවුරු වුනත් ආශා කරයි.. මාද ආශාය. නමුදු කුමක් හෝ හේතුවකට ඇය මගේ යෙහෙලියකි..සහෝදරියක් වැනි අයෙකි. ආ අමතක වුනා ඇගේ තොල්පෙති රෝසපාට වුනාට ඇයව සිපගන්නා විට සිගරට් ගඳක් එන්නට විය. සිගරට් ගඳ එන්නේ ඇය සිගරට් බොන නිසාය.

 

සිගරට් බීම තහනම් සාම්ප්‍රදායික ආයතනයකට ඇය අනුයුක්ත වි ඇත්තේ කුමක් හෝ වැරදීමකිනි. මෙහි කාන්තාවන්ට තබා පිරිමින්ට වුව සිගරට් බොන්නට මහා වෙහෙසක් දැරිය යුතුය. ඇය මුලින්ම මා හා කුලුපග වූෙය් සිගරට් බොන්නට තැනක් සොයාගන්නටය. ඇය දින්නාය. එහෙත් මා බය විය. මා අදාල අංශයේ පොටෝකොපි මැසින් ඇත්තේ වෙනත් තැනකය. තේ වතුර බොන වෙලාවට සර්ලා මිස්ලා ඔක්කොම එලියට යයි. එවන් විටක මා පුදුම කරවමින් මා හට තේ බොන්නට එන්නට ඇය ආරාධනා කලාය. තනුජා මහ වල් කෙල්ලක්ද මන්දා යන ප්‍රීතිදායක සිතුවිල්ල මගේ හදවතේ සක්මන් කරන්නට විය. තනුජාගේ නාරි දේහයත් එහි ලාලිත්‍යත් දෙස බලමින් ඇය වල් කෙල්ලක් වීනම් මනාය යන නරක ජාගර සිතුවිල්ලෙන්ම මා ඇය සමග කැන්ටිමට ගියෙමි.

 

මා ට්‍රෙිනින් කෙල්ලන් සමග කැන්ටිමට යෑම දැන් අරුමයක් නොෙව්..මේ තුන්වැනි ට්‍රෙනින් කෙල්ලාය. තනුජාට පෙර සිටි අය තනුජා තරම් ඉක්මනින් මා සමග තේ වතුර බොන්නට ආවේ නැතත් ඔවුන් තේ වතුර බොන්නට එක්කරං එන්නට මට දැඩි ආයාසයක් ගන්නට සිදු නොවීය. නංගි යමු තේ කක් බොන්න යැයි කිව් සැනින් උදේ සිට කම්මැලිකමින් සිටින ළමයා මා සමග තේ වතුර බොන්නට එයි.. එහි කිසිදු අරුමයක් නැතත් දැවැන්ත කුලවාදයකින් මානුශිය සබඳතා බැඳ තබා ඇති සාම්ප්‍රදායික ආයතනයක පියන් වැනි තනතුරක කෙනෙකු උසස් අධ්‍යාපනය ලබන ට්‍රේනර් කෙනෙකු සමග තේ වතුර බොන්නට යෑමද පුදුම සහගත දෙයකි. පිරිසක් ට්‍රේනින් ලමයා ගැන අනුකම්පා කරන්නේ මා විසින් ඔවුන් දැලේ දාගෙන තේ බොන්නටත් ඉන් පසු ටුවර් යෑමටත් එතනි්න එහා ගොස් ඔවුන්ගේ වල් මනස විසින් ඒ ගැහුනු ලමුන් ෆිල්ම් බලන්ට, රූම් අස්සට එක්කං යන්නටත් ඉඩ ඇති බව සිතලාය.

 

ඉඳ හිට මාගේම සම මිතුරෙකු මට හින්ට් පාස් කරන්ෙන් එකක් යනකොට එකක් කැච් මට සෙට්වෙන බව කියලාය. නමුත් ඒ සියලු සම්බන්ධකම් තේ වතුර බීමෙන් එහාට යන්නේ නම් ඒ ඉතා මදකින් බව දන්නේ මාත් ඒ ටේනිං ගෑනු ලමයිනුත් පමණි.. සමහරු හිතන්නේ ඒ ගෑනු ලමයින් ේම ආයතනය ගැන නොදන්නා නිසා පියන් කොල්ලකු සමග තේ වතුර බොන්නට එන බවකි. එයනම් නිවැරදි විය හැකි නිමානයකි. ඔවුන් ටේනර්ලා නොවී මෙහි මා හට ඉහල ක්ලාක් ගැහුන ලමයකු වී ආයතනයට ආවානම් ඇය පියන් පහල තැනක් බවත් කට කොනින් සිනාසීමට, අවශ්‍ය දෑට චාටු කියා කඩේ යැවීමට හැර වෙනත් කිසිම වැඩකට නැති ජාතිකයට පියන්ලා අයිති වනු ඇති බවත් නිරායාසයෙන්ම තේරුම් ගන්නවා ඇත.

 

තනුජා නංගි මා සමග තේ වතුර බොන අතර මගේ ඇස් දෙසබලයි.. මාද හොරාට ඒත් ඉදහිට අහුවෙන්නට ඇගේ ඇසිපිය දෙස බලමි. තනුජා නංගී කලින් සිටි අයිෂා තරම් ලක්ෂණ නැත. කලිං ට්‍රෙිනින් සිටි අයිෂා නම් පලමු දිනම මගේ නෙත් සිත් පැහැර ගන්නා ලදී. අහෝ බේදයක මහත. අයිෂාට කොල්ලෙක් සිටියේය. මට ඇය එය පලමුවර කියනවිට වේදනාවක් නොදැනුනත් පසුව අයිෂා වඩාත් මටත් මගේ මනෝ විඥානයටත් සමීපවන විට අයිෂා මගේ දුක ගැන කණගාටු වන විට..මම අයිෂාගේ දුක් ගැන කනගාටු වන විට ඉබේම මට ඒ කොල්ලා ගැන ඉරිසියා ඇති විය. අයිෂාගේ මනස්කාන්ත ඇස් කෙසඟ වුවත් මනාව කැපී පෙනෙන අගපසග තනුජා සමග තේ බොද්දීද මට මතක ්විය. තනුජා අයිෂා තරම්ම ලක්ෂන හෝ ආකර්ශණීය කෙනෙකු නොවූ බවක් මට පසක් වූයේ තවමත් අයිෂාගේ සෙනෙහෙ ටිකක් මගේ හද කොණක ඉතිරි වී අති නිසා වන්නට පුලුවන..

 

තනුජා නංගී සිගරට් බොන්නට තැනක් නැද්දැයි අැසුවේ අපි හමු වී දෙවැනි දවසේදීය. ඇය මා කෙසේ කෙනෙක්දැයි දවසකදී මනින්නට ඇත. නැතහොත් සිගරට් බීමට ඇති ලෝල සිත විසින් තනුජා මාගෙන් තැනක් අසන්නට ඇත. මා පොටෝකොපි ගසන කාමරය පිහිටියේ කෙළවරය. පෙර කීවාක් මෙන් අනෙක් අය තේවතුර බොන්නට ගිය විට පොටෝකොපි ගසන්ට එනවාක් මෙන් පෙන්වා එහි පැමිණ ඇයට සිගරට් බීමට හැකිය.. එහෙත් එය අවදානම් රහිතම දෙයක්් නොවේ. නමුත් මාගේ අත්දැකීම් අනුව අංශයේ පොටෝකොපි කටයුතු සිදුකරගන්නේ බොහෝවිට ට්‍රේනින් අය ලව්වාය නැතහොත් මා හෝ වයසක අංකල් කෙනෙකු ලව්වාය. ලොකු මහතුන් හෝ කේලං පොට්ටනි වන ලොක්කන් ලග තනි රකින සෙකට්‍රි මිස්ලා හෝ පොටෝකොපි ගහන්නට එන්නේ නැත. ඔවුන්ගෙ පුද්ගලික වැඩක් වුවද බටර් උලා චාටුවලින් පුරවා මා අතට හෝ අනෙක් වයසක අංකල් වන පියසෝම අතට දෙයි. පියසෝම එලෝ විකාරෙන් මෙලො ජීවත්වෙන අයකු නිසා තනුජා සිගරට් බි ඔහුට අසුවුවත් එතරම් අවුලක් නැත.

 

පොටෝකොපි කාමරය මගේ විවේක කාමරයක් වැන්න. එය මා වැඩ නැති අවස්ථාවල නිදාගන්ට බාවිත කරයි. ඊට අමතරව වැදගත් නමුත් ඉදහිටි භාවිත වන ඩොකියුමන්ට් ගොඩවල් මෙහි තැන තැන ගොඩගසා ඇත. මෙයට පිටිනුත් දොරකි. ඒදොර විවෘතවන්නේද එතරම්ම එලිමහනකට නොවේ. මට කලින් මාගේ තැන සිටි අය මෙහි සිගරට් බොන ලදී.. නමුත් මා මේ පොටෝකොපි කාමරයෙ සිගරට් බීමට නොගියෙමි. නමුත ්දැන් තනුජා නංගී එහි පැමිණ මටද ලැජ්ජා වන ආකාරයෙන් දුම් රොටු අහසට යවමින් මා සමග කතා කරමින් සිටියි. ඇය කතා කරන්නේ අර අරක්කු බොනකොට දොඩවන්න වගේ දොඩවන්න ඕනි නිසාද නැත්නම් මා සමග කුලුපග වෙන්න සැබෑවටම ඕනි නිසාද කියන්න මම දන්නේ නැත. නමුත් කල්යත්ම ඇය සෝබන කරත්තයක් නොව සැබෑම කෙනෙක් බවත් අදුනාගන්න ලැබුනි..

 

ඇය ජාත්‍යන්තර පාසැලක ඉගනුම ලබා ඉන්පසු වෙනත් පාඨමාලාවකට යොමු වූ කෙනෙකි. ඇගේ විෂම හැසිරීම මේ ආයතනයේම කලක් සේවය කොට දැන් වෙනත් ආයතනයක සිටින ඇගේ පියාට නොදිරවන සුලු එකක් වූයේලු..ඉතිං තනුජා මෙහි ට්‍රේනින් දැමූ විට හොඳින් හැදෙනු ඇතැයිද ඇගේ සිගරට් බීම කොල්ලන් සමග සම සේ කතා කිරීම රස්තියාදු ගැසීම ඇතුලු නොගැලපෙන ගති අඩුවෙනවා ඇතියැයි තනුජාගේ පියා සිතා ඇත. තනුජාගේ පෙර ගති මා නොදන්නා නිසා ඇය වෙනස් වූවාදැයි මා නොදනිමි. නමුත් මෙතෙක් පැමිණි ට්‍රේණීන් අයට වඩා තනුජා වෙනස් ලෙස මට හැගුනි.. ඇය නිකං කීමට ඉදහිට සර් මිස් යැයි ඇමතුවාට ඒවා ඇතුලෙ බයක් හෝ පක්ෂපාත බාවයක් නැත. ඇයට දෙන වැඩය ඇයට බැරිනම් පරණ ට්‍රේනර්ලා වගේ බිය වි සැලෙන්නේ නැත.. ඇයට බැරි බව අැය කෙලින්ම කියයි. බොහෝ කෙලින් ගති ඇති අමුතු කෙල්ලක වූ නිසාත් ඇගේ කට එතරම් කොන්ට්‍රොල් නොවූ එක්ක වූ බැවිනුත්..ඇගේ පියා කලින් මෙහි විසල් නිලයක් දැරු බැවිනුත් ඇගේ ලඟින් පැමිණි සිගරට් ගඳ කන්තෝරුවේ කේලං මලු වලින් වසං වන්නට ඇත. බැරිවෙලාවත් ඇය අහිංසක සියුමැලි කෙල්ලක වී සිගරට් බොන්ට ගියානම් පලමු දෙවන දිනවලද ඇගේ මුඛයෙන් එන සිගරට් සුවද කස්ටිය පස්නයක් කරගනු ඇත.

 

මේ චමිල් අයියට කෙල්ලෙක් නෑද? නැහැ නේ.. ඉන්නවනං මලක් වත් කඩාගෙන ඉන්නවනේ මෙතන්ට වෙල නිදාගන් නැතුව.. .

අනේ පවූමෙයාට.යනෝ හලෝ යන්න බොරු නොකිය..මටත් වඩා අවුරුදු හතරක් වැඩිමල් ලු..ඒත් කෙල්ලෙක් නැහැලු

 

ඇත්තමයි අපේ සර්ගේ කැච් එක සෙරින් මිස් පල්ලා මට කෙල්ලෙක් නැහැ..

 

හි හි.. ෂෙරින් මිස් ්ඔයාගෙත් කැච් එකද එයාගෙ නමින් දිවුරන්නෙ..?

 

අපෝ නැහැ..එයා එහෙම නැහැ..කවුද කියන්නෙ නරකයිකියලා..මං නිකං දිවුරුවෙඒ වුනාට සිරාවට මට කෙල්ලෙක් නැහැ..

 

ආ හරි බලමු කෝ මගේ යාලුවෙක් වත් සෙට් කරන්න..කියන් බලන්න මොනවගේ කෙල්ලෙක්ද හොයන්නෙ..

 

නංගි පොඩ්ඩකට අත දෙන් පුලුවන්ද?

මොකටද අතේ පච්චයක් වත් ගහන්නද?

 

නැහැ නැහැ බයවෙන් නැතුව අත දෙන්න බලන්න..

 

චමිල් විසින් තනුජාගේ අත ගෙන මැනික් කටුව අසල ඇඟිලි වලින් තෙරපමින් සිට..ආහ් හරි ඔයාටත් පුලුවන් මගේ ගර්ල් පෙන් වෙන්න..? යැයි කීවේය..

 

ඇ ඒවා හරියන්නෙ නැහැඒවට කෙනෙක් ඉන්නවා නේ.. මොකද අත බලලාද චමි්ල අයිය කියන්ෙන කැමැතිද කියලා?

 

නැහැ නංගි අපි ඉස්සර නං මං කැමති මේ වගේ බඩුවකට..මං ආස සෝස පාට කම්මුල් තියෙන කෙල්ලක්ට කියලා හිටියා..දැන් ඒවා ඔක්කොම නැතිවෙලා..නාඩිවැටනවා නං කෙල්ලෙක් නං එච්චරයිඔයාගේ නාඩි වැටෙනවා ගාන්ට..ඔයා තේරුනා..ඒත් ඔයාට කොල්ලෙක් ඉන්නවා නේ

 

අපරාදෙ පස්ට චාන්ස් එක රජයේ ස්තීර රැකියාවැති පිංවත් කුමාරයෙක් සෙට් කරගන්න තිබුන මෙව්වා එක ඔයා නැති කරගත්තානේ

 

මේ චමිල් අයියා මට කලිං හිටිය අක්කාට ඔයා ලයින් කරා කියලා වටේ පිටේ අය කියනවා නේ..මටත් පරිස්සං වෙන්න කියලා කියන්ෙන කස්ටිය..

 

හුම් ඒනං ඔයා පරිස්සං වෙන්නකෝමං හරි වසයිඉස්ත්‍රින් දුටුතැන පැනිහලන සුලුයි..බලාගෙන ඔයාත් පැණි වලට වැටෙයි..

 

ඒ වුනාට මෙ ්පැණිය හරි ගනන් නේ..මංඑක්ක කතා කලෙත් මං කතා කලාට පස්සෙ..?

 

ඔව් එහෙම තමයි අලුත් පැනියො.. ….

 

මේ දැන් බොසා ඇවිත් ඇති..මං යනවා ඔයා දවල්ට නිදාගත්තම ලස්සන සුර දූතියක් පේනන කියලා මං පාර්ථනා කරනවා ඈ..

 

හරි..ඔයාට රෑට හීනෙන් පාරුක් කාන් පෙනේවා..

 

ඉකේයියා..මට ෂාරුක් හරියන්නෙ නැහැවෙන කෙනෙක් පේන්න කියන්න ඈ..මං ගියා..ාාා

 

තනුජා චමිල්ව කාමරයේ තනිකර සිගරට් එක බී යන්නට ගියාය.. ට්‍රේනින් ලමුන්ද පොටෝකොපි ගසන්ට ඉදහිට කාමරයට යන බැවින් එතරම්ම සැකයක් ඇති නොවු නමුදු කන්තෝරුව පුරා චමිල්ට තවත් එක්ක සැට් යැයි කටකතා යන්නට විය..

 

Image

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )