හරිය

සම්මත

ඉස්කෝලෙ ටීචර් මට හරියක් දැම්මා. ඒත් පේමවතීගෙ හරිය තරං ලොකු නෑ. පේමවතීට ලොකු සරීරයක් තියෙනවා. මට එහෙම නෑ. ඒ උනාට මං පේමවතීට ආසයි. වැරැද්දක් පෙන්නුවම පේමවතී ලොකු ටීච වගේ ගහන්නෙ නෑ කියල දෙනවා.

පේමවතී නැත්තං මට ඉස්කෝල එපා වෙලා. එයැයි තමයි මට ගණං කියල දුන්නෙ. ටිකක් කියල දුන්නම මට ඉතිරි ටික ඇහැකි. ඒක අපේ ලොකු කන්නාඩි පොලග කියල දෙනවට වඩා ලේසියි. පේමවතී නැති දවසට පංතියම පාලුයි වගේ.

සමහර අය අපිට කිව්වෙ කපල් එක කියලා. ඒකෙ වරදක් නෑ. අපි කපල් එක තමයි. පේමවති ලොකු වෙනකල්ම මං එයාට ආදරේ කලා…ඒත් පේමවතී ලොකු වෙනකොට අපි අතර තිබුන දුරත් ලොකු උනා

පේමවතී උසස් පෙල කොරනකොට මං හරක් පස්සෙ යනවා. දවසක සරං කොටේ ඇඳං හරක් පස්සෙ ගිහිං එනකොට පේමවතී හම්බුනා. ඒකි උස්සං වඩං යන්න හිතුනා මට..ඒත් ඒම කලාම කෙල්ලට රිදෙයි..ඒකිගෙ හිතටත් රිදෙයි මං නිකං උන්නා..

අපේ මහ එලදෙනගෙන් ගන්න කිරිවලට වඩා පේමවතීගෙ තං දෙකෙන් කිරිගත හැකි වෙයි. මට හිතුනා. ඒත් ඒව අල්ලන්න මට බයයි. දවසක් මං ඇල්ලුවා නෙමෙයි අල්ලන්න හැදුවා. කෝලං වනචරයා පල අහකට කියලා පේමවතී දිව්වා…

එතනින් මං නැවතුනා. මට එලවන්නත් තිබුනා මං එලෙව්වෙ නෑ…එතකොට පේමවතී මට වනචරය කියල ඉවරයි. මං දිව්වෙ කෙලින්ම හමුදාවට. ඒ ඒ හරකගෙ වගතුග බලනවට වඩා ගෑනියෙක් ගන්න ගෙයක් හදාගන් ඕනි කියල හිතුනා. ඔහේ යන මට හමුදාව හරි ලේසියි. හරක් පස්සෙ එලෝපු මට තුවක්කුවක් ලැබුනා. ඒක හරි ලොකුයි මට..

හරක් උක්කුවගෙ පුතාට තුවක්කුවක්..ආන්ඩුවෙන් නිකම් ලිස්ට් වලට තුවුක්කු බෙදුවනං මට තුවක්කුවක් ලැබෙන්නෙම නෑ..ඒත් හමුදාවට ආපු නිසා තුවක්කු බෝම්බ ලැබුනා. දවසක් හෝල් එකකිං බලපු චිත්‍රපටියක සට පට ගාල වෙඩි තියනව වගේ එන ඒව මට කරන්න ලැබුනා…

මට හැම රෑම පේමවතීගෙ තං දෙක මතක් උනා..ඒත් වැඩක් නෑ..ඒව දැං සින්න වෙලා ඇති මං හිතුවා…එකපාරක්වත් මං පේමවතීගෙං අහල තිබුනේ නෑ..ඇහුවෙත් නෑ…ඒත් ඇහුවට පේමවතී මගේ නෙමෙයි…එයා ඉන්නෙ කැම්පස් ලෝකෙ…ඒකෙ ඇතුලෙ තියෙන්නෙ හන්තානට පායන සද වගේ වෙන එකක්..

ඉස්සර ඔහොම නෙමෙයි මොට්ටසේන මෙහෙමයි ලියන්නෙ කියල හිමීට නොරිදෙන තාලෙට ටොක්කක් ඇනල කියල දීපු පේමවතී නෙමෙයි අද ඉන්නෙ…අද ඇවිල්ල එයාට මාව නිකම් නිකම්ම නිකමෙක්…

කාලය මට සල්ලි කොල අතගාන්න දුන්න…මට වීරයෙක් වෙන්න ලැබුනා..ඒත් මගේ පොත බලන්න පොත බලල ලොකූ හරියක් දාන්න පේමවතී කෙනෙක් දුන්නෙ නෑ….

 

Advertisements

3 responses ඊළඟ »

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )